2025 අප්‍රේල් 11, පෙ.ව. 12:15
වැට් බදු වරින් වර වැඩි කිරීමට සිදුව ඇත්තේ පසුගිය කාලයේ පැවැති රජයන්වල අදූරදර්ශී ක්‍රියාමාර්ග නිසා යැයි කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ මහතා පවසයි.
පාර්ලිමේන්තුව අමතමින් ඒ මහතා මේ බව පැවසුවේය.
වැට් බද්ද අදාළ නොවූ භාණ්ඩ 123ක් සඳහා යළිත් බද්ද අය කරන්න සිදු වුණා මූල්‍ය අරමුදලෙ බැඳීමත් එක්ක. අපේ ආණ්ඩුවෙ ප්‍රතිපත්තිය තමයි වක්‍ර බදු අඩු කරලා ඍජු බදු අය කිරීම. දැන් තියෙන අවස්ථාව තමයි බදු එකතු කිරීමේ අකාර්යක්ෂමතාව.
ලෝක ආර්ථිකය ගැන කතා කරන කිසිම කෙනෙක් මේ වැට් බද්ද කාර්යක්ෂමව එකතු කිරීමට ඇති හැකියාව ගැන කතා කළේ නැහැ. අපේ අරමුණ තමයි දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.5ක් දක්වා වැඩිකර ගැනීම. අපි ඩිජිටල් සේවා සඳහා වැට් බද්ද අතුළත් කළා. එය හොඳ ද නරක ද කියලා කියන්නවත් කොන්දක් විපක්ෂයට නැහැ.
වැට් බද්ද එකතු කරන්න කටයුතු කරන්නෙත්, වැඩි කළෙත් මේ මහත්තුරු මෙපමණ කල් කළ දේවල් නිසයි. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් පසුගිය වසර තුනක කාලයේදී දැඩි පසුබෑමකට ලක් වුණා. අතීත ක්‍රියාකාරකම් තමයි ඒකට හේතු වුණේ.
2026 ජනවාරි 14, ප.ව. 6:54
2026 ජනවාරි 14, ප.ව. 6:49
2026 ජනවාරි 14, ප.ව. 4:22
2026 ජනවාරි 14, ප.ව. 12:16
2026 ජනවාරි 14, පෙ.ව. 11:56
14-01-26
14-01-26
14-01-26
14-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
10-01-26
10-01-26