2025 අප්‍රේල් 15, පෙ.ව. 12:21
            
පසුගිය කාලයේ වාහන ආනයනය කිරීම තහනම් කරලා තිබුණද හිටපු ඇමතිවරු, මන්ත්‍රීවරු හොර රහසේ වාහන ගෙන්වා ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි.
ආනයනය තහනම් කර තිබියදී හොරෙන් වාහන ගෙනැවිත් ලියාපදිංචි කරන්නේ නැතිව ධාවනය කළ පුද්ගලයින් එක්කෙනා දෙන්නා ඇතුලට ගන්නා බවද ජනාධිපතිවරයා සදහන් කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කළේ,
“සාමාන්‍යයෙන් අපේ ගම්වල කට්ටිය පොලීසියට බයේ හැංගෙනවා. පොලීසියෙන් හොයනවා කට්ටිය හැංගෙනවා. පහුගිය දවස්වල මොකද වුණේ. අපි හොයනවා පොලිස්පති හැංගෙනවා.. නීතියට යටත් වෙන්නත් ඕනා.. නීතියට බය වෙන්නත් ඕනා.
පසුගිය කාලයේ වාහන ලංකාවට ආනයනය කරන එක තහනම් කරලා තිබුණා. හැබැයි හිටපු ඇමතිවරු, මන්ත්‍රීවරු ගාව වාහන හම්බෙනවා. වාහන රෙජිස්ටර් කරන්නෙ නැතිව පාරෙ දුවලා. කවුද.? බලවත් අය.
ඇමතිවරු, මන්ත්‍රීවරු.. ඒ කියන්නෙ මොකක්ද. ඇමතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට නීතියක් නෑ. අනිත් අයට නීතිය. අන්න එහෙම හොරෙන් වාහන ගෙනැල්ලා ලියාපදිංචි කරන්නේ නැතිව දුවපු අයත් එක්කෙනා දෙන්නා ඇතුලට ගන්නවා.. තව පෝලිමක් ඉන්නවා.”
ජාතික ජන බලවේගයේ කන්තලේ ජන රැළියට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සදහන් කරයි.
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 8:40
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:11
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:09
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:06
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25