hit counter

2025 මැයි මස 18 වන ඉරිදා

2025 අප්‍රේල් 26, පෙ.ව. 12:22



මාස හයකට පෙර ජාතික ජන බලවේගය බලය පිහිට වූ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව මේ වන විට තණ කොළ කපන මැෂිමට දමන 2T තෙල් ටිකෙන් පවා හොරකම් කරමින් ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මහ ලේකම් සාගර කාරියවසම් චෝදනා කරයි.

එම ප්‍රාදේශීය සභාවේ වාර්තා අනුව තණකොළ කපන මැෂිමට පෙට්‍රල් ලීටර් 428ක් සඳහා රු. 127 926ක මුදලක් ද 2 T සඳහා රු. 32065ක් ද වැය කොට ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

තණකොළ කපන මැෂිමකට 2T දමන්නේ ලීටරයකට මිලි ලීටර 20ක් බවත් ඒ අනුව 2T අවශ්‍ය වන්නේ ලීටර 9ක් පමණ බවත් ඒ සඳහා වැය වන්නේ රු. 12150ක් බවත් සාගර කාරියවසම් ප්‍රකාශ කරයි.

පසුගිය පාලන සමයේ සභාවේ ඉතිරි කළ මුදලින් මාලිමාණ්ඩුවේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ ප්‍රචාරණ කටයුතු කිරීම හැර මාස හයක් තිස්සේ ජනතාව වෙනුවෙන් එම ප්‍රාදේශීය සභාව කිසිවක් කර නොමැති බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: