hit counter

2025 අප්‍රේල් මස 28 වන සඳුදා

2025 අප්‍රේල් 28, පෙ.ව. 12:20



උතුරු, උතුරුමැද ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල නිවාස හා ලොරිවලින් බෙදා හරින පානීය ජලයේ තත්ත්වය සොයා බැලීම සම්බන්ධව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට හෝ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට නීතිමය බලයක් නොමැතිවීම නිසා එම ජලයේ ප්‍රමිතිය සම්බන්ධව ගැටලුකාරී තත්ත්වයක් උද්ගතව ඇත.

ළිං ජලය හෝ නළ ජලය පිරිපහදු කර වියළි කලාපීය ප්‍රදේශවල අලෙවි කෙරේ. මෙලෙස පිරිපහදු කරන ජල ලීටරයක් රුපියල් 3 ත් 5 ත් අතර මුදලකට අලෙවි කෙරේ.

මෙලෙස පිරිපහදු කරන ජලය ලොරි මගින් නිවාසවලට ගොස් බෙදා හැරීමද සිදු කෙරෙන අතර, දැඩි වියළි කාලගුණික තත්ත්වයක් පවතින කාලයේදී දිනකට මෙම ලොරිවලින් ජලය ලීටර් 2,000 ක් පමණ අලෙවි කෙරෙන්නේය.

ඉතා කුඩා නළ මගින් පිරිපහදු යන්ත්‍ර මගින් ජලය පිරිපහදු කෙරේ.

මෙම ජලයේ තත්ත්වය සම්බන්ධව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ඉහළ නිලධාරියකුගෙන් කරන ලද විමසීමකදී කියා සිටියේ ඒ සම්බන්ධව සොයා බැලීමේ නීතිමය වගකීමක් මණ්ඩලයට පැවරී නොමැති බවය.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුද කියා සිටියේ එම ජලය සම්බන්ධව අධිකාරියටද නීතිමය බලයක් නොමැති බවය. කාර්මික තාක්ෂණික ආයතනයේ (ITI) ඉහළ නිලධාරියකුගෙන් විමසීමේදී කියා සිටියේ ලොරිවලින් අලෙවි කරන ජලය සම්බන්ධව ඕනෑම අයකුට යම් සැකයක් තිබේ නම්, එහි සාම්පලයක් කාර්මික තාක්ෂණික ආයතනයට ලබාදී පරීක්ෂා කළ හැකි බවය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: