2025 මැයි 03, ප.ව. 3:11
            
මේ වනවිට එළියේ අපරිනත ළදරු දේශපාලන කණ්ඩායමක් සිටින බවත් ප්‍රධාන කරුණු 03ක් මත එම කණ්ඩායම් ක්‍රියාත්මක වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,
“එළියේ ඇත්තටම ගත්තොත් අපරිනත ළදරු දේශපාලන කණ්ඩායමක් ඉන්නවා. ඒ දේශපාලන කණ්ඩායම ක්‍රියාත්මක වන්නේ ප්‍රධාන කරුණු 03ක් මත.
01. ඒගොල්ලෝ පරම්පරා ගණනාවකට බල සිතියම එලලා තිබුණා. දැන් පහුගිය ජනාධිපතිවරණය බලන්නකෝ. තාත්තා ජනාධිපති පුතා තරගෙට ඉන්නවා. අනිත් කෙනාගෙත් තාත්තා ජනාධිපති පුතා තරගෙට ඉන්නවා. අනිත් කෙනා මාමා ජනාධිපති පුතා තරගෙට ඉන්නවා.
ඒගොල්ලෝ පරම්පරාවට දේශපාලන බල සිතියම එලලා තිබුණා. මොකක්ද සිද්ධ වුණේ. ඒ දේශපාලන බල සිතියම එගොල්ලන්ට නැති වුණා. ඒකෙ වේදනාවක් තියෙනවා.
02. ඒගොල්ලෝ බලයෙන් විනෝද වුණා. එගොල්ලෝ බලය වින්දා. නීති කඩන්න, හොරකම් කරන්න, නාස්ති කරන්න. අද බලය අහිමිවිමෙන් තමන්ට බොහෝ දේවල් අහිමිවී තිබෙනවා. ඒකෙ වේදනාව තියෙනවා.
03. එගොල්ලෝ අපරාධ කරලා තියෙනවා. වංචා, දූෂණ අපරාධ කරලා තියෙනවා. අපරාධ කරපු බව අපිටත් වඩා ඒගොල්ලෝ හොදට දන්නවා. අපරාධකාරයා දන්නවා. ඒ දන්නවා වගේම, එගොල්ලෝ අපි ගැනත් දන්නවා. ඒගොල්ලෝ කරපු අපරාධ ගැන දන්නනවා.
ඒ නිසා බයක් තියෙනවා. ඔන්න ඔය බලය අහිමිවිමත්, වරප්‍රසාද අහිමිවිමත්, බියත් විසින් තමයි ඔය දේශපාලනය ක්‍රියාත්මක වෙන්නේ. ඒක විසින් දැක්මක්, ඉලක්කයක් සහිත දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගෙන්නේ නෑ. ඒක විසින් කරන්නේ, ඒගොල්ලෝම කියනවා,
මම අගෝස්තුවල ජනාධිපති. මම දෙසැම්බර් වල ජනාධිපති. දැන් රටේ වැඩිම ඉල්ලුම තියෙන නායකයා මෙයා, මම දැක්කා කියනවා. ඒගොල්ලෝම මොකද කරන්නේ මේකට තමන්ම මෙහෙම වෙනවනම් හොදයි කියලා ප්‍රර්ථනයක ජීවත් වෙනවා. මහ පෙලොවේ කිසිවක් නෑ. මතක තබාගන්න.”
සිරස “සටන” වැඩසටහනට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කරයි.
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:11
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:09
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:06
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25