hit counter

2026 ජූනි මස 05 වන සිකුරාදා

2025 මැයි 15, ප.ව. 7:14


හිටපු සභාපති හර්ෂාන් ද සිල්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඇප මත මුදා හරින ලද ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති හර්ෂාන් ද සිල්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

ඒ ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් ය.

අද (15) දහවල් ඔහුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය හමුවට ඉදිරිපත් කළේ ය.

එහිදී සැකකරුව රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප 5ක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ ය.

එමෙන්ම, විදේශ ගමන් තහනමක් ද පැනවීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: