hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2025 මැයි 29, පෙ.ව. 12:06



පහ වසර ශිෂ්‍යත්ව පුද්ගලික උපකාරක පන්ති ගුරුවරියක් ලෙස කටයුතු කරන හයේෂිකා ප්‍රනාන්දු හෙවත් ටීචර් අම්මා නමැත්තිය විසින් කටාන පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව වැඩ බලන පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ගොනුකර තිබේ.

එම පොලිස් ස්ථානාධිපතිවරයා තමන්ගේ කීර්ති නාමයට හානියක් වන අයුරින් හා අපහාසයට පත්වන ආකාරයෙන් කටයුතු කර තිබීම සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය කරන ලෙස එමගින් ඉල්ලා ඇත.

පසුගිය හයවෙනි දා තම ආයතනයේ සේවය කළ සේවිකාවකට ලිංගික හිංසා කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් තම ආයතනයේම සේවය කරන ලද තරුණයෙකුට එරෙහිව පැමිණිල්ලක් කිරීමට ගිය අවස්ථාවේ හා ඉන් අනතුරුව සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් ඇය විසින් මෙම පැමිණිල්ල ගොනු කර තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: