hit counter

2025 ජූනි මස 07 වන සෙනසුරාදා

2025 ජූනි 07, පෙ.ව. 12:05



ඩෙංගු රෝගය පතුරුවන මදුරු විශේෂය විසින් මේ දිනවල ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන චිකුන්ගුන්‍යා රෝගය ද පතුරුවන බව ප්‍රජා සෞඛ්‍ය ඒකකයේ වැඩබලන විශේෂඥ වෛද්‍ය අරුණි හතමුණ මහත්මිය පවසයි.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඇය පැවසුවේ, ඊඩිස් ඇල්බොෆික්ටස් සහ ඊඩිස් ඊජිප්ටයි යන ඩෙංගු රෝගය පතුරුවන මදුරු විශේෂ මගින් චිකුන්ගුන්‍යා රෝගය ද පැතිරවෙන බැවින්, මහජනතාව මෙම රෝගය පිළිබඳව විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු බවයි.

රෝගයෙන් ආරක්ෂා වීම සඳහා අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම, මදුරුවන්ගෙන් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගැනීම ඇතුළු ක්‍රියාමාර්ග අනුගමනය කිරීම ඉතා වැදගත් බව විශේෂඥ වෛද්‍ය අරුණි හතමුණ මහත්මිය වැඩිදුරටත් අවධාරණය කළාය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: