2026 අගෝස්තු 04, පෙ.ව. 12:15
ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ මෙම වසරේ වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වූ මාසය බවට ජූලි මාසය පත්ව ඇති බවයි. වාර්තා වලට අනුව ජූලි මාසයේදී පමණක් ඩෙංගු රෝගීන් 29,980 ක් හමුවූ අතර මෙම වසරේ ගෙවී ගිය මාස හතේදී ඩෙංගු රෝගීන් 86,000 ක් හමුවී ඇත.
එමෙන්ම අගෝස්තු මාසයේදී ඩෙංගු වසංගතය අඩු වෙතැයි සෞඛ්‍ය අංශ සඳහන් කර තිබූ අතර ගෙවී ගිය දින දෙකේදී ඩෙංගු රෝගීන් 646 ක් හමුවී තිබේ. ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍යවරු සඳහන් කරන්නේ ඒ අනුව දිනකට ඩෙංගු රෝගීන් 1000 ඉක්මවා හමුවීම යම් පමණකට අඩුවී ඇති බවයි.
තාමත් ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් හමුවන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර දෙවැනි තැන කොළඹ දිස්ත්‍රික්කයට හිමිව තිබේ. ගම්පහ දිස්ත්‍රික්කයෙන් මෙම වසරේදී ඩෙංගු රෝගීන් 18,249 ක් හමුවෙද්දී කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 17,048 හමුව ඇත.
මෙම වසරේ ඩෙංගු මරණ 62 ක් වාර්තා වී ඇති අතර පවතින වියළි කාලගුණයත් සමග ඩෙංගු අධි අවදානම් කලාප ප්‍රමාණයද 175 සිට 137 දක්වා අඩුවී ඇත. මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීමේ කටයුතු දිගටම කරගෙන යන ලෙස ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර ජනතාවගෙන් ඉල්ලා ඇත.
2026 අගෝස්තු 04, පෙ.ව. 12:33
2026 අගෝස්තු 04, පෙ.ව. 12:28
2026 අගෝස්තු 04, පෙ.ව. 12:18
2026 අගෝස්තු 04, පෙ.ව. 12:17
2026 අගෝස්තු 04, පෙ.ව. 12:13
02-08-26
02-08-26
01-08-26
01-08-26
01-08-26
01-08-26
31-07-26
31-07-26
29-07-26
29-07-26
27-07-26
27-07-26
24-07-26
24-07-26
17-07-26
17-07-26
16-07-26
16-07-26
15-07-26
15-07-26
14-07-26
14-07-26
13-07-26
13-07-26