hit counter

2026 මාර්තු මස 25 වන බදාදා

2025 ජූනි 10, පෙ.ව. 12:05



ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ගම්පහ ප්‍රදේශ රැසකට ජූනි මස 11 වන දින පැය 10ක ජලකප්පාදුවක් සිදුකිරීමට නියමිත බව දැනුම් දෙනවා.

ඒ අනුව එදින උදෑසන 8.30 සිට ප.ව 6.30 දක්වා ජල කප්පාදුව සිදුකෙරෙන බවයි වාර්තා වන්නේ.

පෑලියගොඩ, වත්තල, ජාඇළ, සීදුව නගර සභා බලප්‍රදේශ, කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජාඇළ, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බලප්‍රදේශය සහ ගම්පහ ප්‍රාදේශීය සභාබල ප්‍රදේශයේ කොටසකට මෙම ජල කප්පාදුව බලපානු ඇත.

මෙලෙස ජලසැපයුම අත්හිටුවා ඇත්තේ බියගම ජල පවිත්‍රාගාරයේ ස්ථාපිත සූර්යබල විදුලි පද්ධතිය ප්‍රධාන පද්ධතිය හා සම්බන්ධ කිරීම් වැඩිදියුණු කිරීම හේතුවෙන්. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: