hit counter

2025 ජූනි මස 26 වන බ්‍රහස්පතින්දා

2025 ජූනි 26, පෙ.ව. 12:16



සහල් හිඟයක් ඇති වීමට හෝ සහල් මිල වැඩි වීමට කිසිසේත්ම ඉඩ නොතබන බව කෘෂිකර්ම, පශූ සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත අවධාරණය කරයි.

“ගිය මාස් කන්නයේ බලාපොරොත්තු වෙච්ච අස්වැන්නට ළඟාවෙන්න පුළුවන් වුණේ නැහැ. මොකද, කාලගුණ තත්ත්වය ගොඩක් හරස්වෙලා නිෂ්පාදනය බිඳවැටීමක් වුණා. ඒකෙන් ඉතින් අපි ජනතාවට අර්බුදයක් ඇතිවෙන්න ඉඩදෙන්නේ නැහැ. අපි මාස් කන්නයේ ගොවි ජනතාවගේ ප්‍රශ්නය විසඳුවා. ඒ කියන්නෙ ඒගොල්ලන්ට හොඳ මිලක් හම්බවුණා. නමුත් පාරිභෝගිකයාගෙ පැත්තෙන් බලද්දී ඉදිරියේදී අභියෝගයක් තියෙනවා. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම අවශ්‍ය කරන සහල් ප්‍රමාණය විධිමත් ක්‍රමවේදයක් තුළ විදේශ රටවල්වලින් ගෙන්වා ගන්නවා.

සහල් මිල ඉහළ යන්න දෙන්නෙ නෑ අපි කොහොමත්. එහෙම දෙන්නෙ නැත්තේ, අපි තීරණයක නැහැනෙ පිටරටින් ගෙන්වන්නෙ නැහැයි කියලා. ඒ නිසා ඒක සමබර කරන්න අපි පිටරටින් ගෙන්වනවා. පිටරටින් ගෙන්වද්දී අපි සැලකිල්ලට ගන්නෙ, ඒ ගෙන්වන එක වී මිල පහත වැටෙන්න බලපායිද කියන එක. අපි ගොවි ජනතාව ආරක්ෂා කරන්න ඕනෙ නිසා. ගොවි ජනතාව ආරක්ෂා කරන ගමන්ම පාරිභෝගිකයාත් ආරක්ෂා කරන්න ඕනෙ නිසා අපි සහල් ගෙන්වනවා අවශ්‍ය වෙලාවෙදී. සහල් හිඟයක් ඇතිවෙන්නෙ නෑ රටේ.

දැන් ඔබතුමන්ලාට මතක නම් විපක්ෂය කියන අදේශපාලනික සත්ව වර්ගයා ගිය සිංහල අවුරුදු සමයට පෙර කිව්වා මේ පාර කිරිබත් කන්නත් හාල් නැතිව යනවා කියලා. ඒ වගේ ජනතාව බියවද්දන දේවල් වෙනවා. ඒ අපේ විපක්ෂය තාම දියුණු නෑ, ඒකයි වෙලා තියෙන්නෙ. ජාතික වශයෙන් හිතන්නෙ නෑ. වාසියක් ගන්න බලන්නෙ. නමුත් ප්‍රායෝගික වශයෙන් කවුරුත් දන්නවා, කිරිබත් කන්න හාල් හිඟවුණේ නෑ. දැනුත් හාල් හිඟයක් ගැන කවුරුහරි කතා කරනවා නම් අපට කියන්න තියෙන්නෙ එහෙම හාල් හිඟයක් ඇතිවෙන්නෙ නෑ කියන එක තමයි.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: