hit counter

2026 මැයි මස 14 වන බ්‍රහස්පතින්දා

2025 ජූනි 28, පෙ.ව. 12:05



ආන්දෝලනයට ලක් වූ අනුරාධපුර සිරකරුට ලබා දුන් ජනාධිපති සමාව නීති විරෝධී නම් ඔහු නැවත අත් අඩංගුවට නොගන්නේ මන්දැයි හිටපු අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ප්‍රශ්න කරයි.

ඔහු පොලිස් නිලධාරීන් ඉදිරිපිටම තමන්ගේ සෙසු නඩුවලට පෙනී සිටීම සඳහා අනුරාධපුර උසාවිය ඉදිරියේ පෙනී සිටින හෙයින් නීති විරෝධීව නිදහස් කර ඇත්නම් අත් අඩංගුවට ගැනීමට හැකි බවයි, විමල් වීරවංශ ප්‍රකාශ කළේ.

එලෙස අත් අඩංගුවට නොගන්නේ එසේ කළහොත් රතු වස්ත්‍රධාරියාගේ රතු වස්තරේ ගැලවෙන නිසා දැයි හෙතෙම ප්‍රශ්න කරයි.

ජාතික නිදහස් පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් විමල් වීරවංශ මේ බව කීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: