2025 ජූනි 30, ප.ව. 12:47
 
            
මාසිකව සිදුවන ඉන්ධන මිල සංශෝධනය අද මධ්‍යම රාත්‍රියේ සිදු කිරීමට නියමිතව තිබෙනවා.
කෙසේවෙතත් ලෝක වෙළඳ පොළේ ඉන්ධන මිල ගණන් මේ දින වල ඉහළ යමින් පැවතීම මත මෙරටද ඉන්ධන මිල ඉහළ යා හැකි බවට ඇතමුන් විවිධ මත පල කරයි.
නමුත් මෙරට තවමත් පවතින්නේ මාස දෙක හමාරක් වැනි කාලයකට පමණක් සරිලන ඉන්ධන තොග පමණක් බවත් ඒ අනුව පෙර ඇනවුම් කළ මිල ගණන් යටතේ ඉන්ධ මිල වැඩි කිරීමකින් තොරව පාරිභෝගික ජනතාවට එම තොග මුදාහැරීමට හැකියාව පවතී.
එවන් වටපිටාවක ලෝක වෙළඳ පොළේ ඉන්ධන මිල ඉහළ ගියද මෙරට මාසිකව සිදුවන මිල සංශෝධනය අනුව මිල වැඩි කිරීමක් සිදු නොකරන බවටයි ආරංචි මාර්ග පවසන්නේ.
මේ අතර පසුගිය මාසයේ ලංකා ඛනිජ තෙල් නීතිගතත සංස්ථාවේ මිල සූත්‍රයට අනුව මාසික ඉන්ධන මිල සංශෝධනය ජුනි මසට අදාලව වෙනස් වීමක් සිදු වූයේ නැහැ.
ඒ අනුව ජුනි මාසයේ ද මැයි මස පැවති ඉන්ධන මිල නොවෙනස්ව ක්‍රියාත්මක වන බවයි එම සංස්ථාව දැනුම්දුන්නේ.
ඒ අනුව මේවන විට ඉන්ධන මිල ගණන් පවතින්නේ පහත ආකාරයටයි.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 293 ක්
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 341 ක්
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 274 ක්
සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 325 ක සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 178 ක්
ලෙසයි අළෙවි වන්නේ.
මේ අතර ඉදිරි කාලයේදී තෙල් මිල ශත 50කින් හෝ අඩු වීමට ඉඩ ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ප්‍රකාශ කර සිටිනවා.
 
                                                        2025 ඔක්තෝබර් 31, ප.ව. 4:00
 
                                                        2025 ඔක්තෝබර් 31, ප.ව. 1:44
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 11:08
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:11
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:10
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25