hit counter

2026 ජූනි මස 13 වන සෙනසුරාදා

2026 ජූනි 10, පෙ.ව. 12:07



කැබිනට් ප්‍රකාශයක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කර ඇත්තේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන කාලසීමාව දීර්ඝ කිරීමට මෙතෙක් රජය තුළ සාකච්ඡාවක් සිදුව නොමැති බවයි.

ඒ අනුව ඔහු මේ බව සඳහන් කළේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

එසේම නලින්ද ජයතිස්ස මහතා එහිදී ප්‍රකාශ කළේ රජය ඒ පිළිබඳව මෙතෙක් තීන්දුවක් ගෙන නොමැති වුවද විවිධ වෘත්තිකයින්ගෙන් ඒ වෙනුවෙන් සඳහා යෝජනා පැමිණ ඇති බව‍යි.

එහෙත් විවිධ වෘත්තිකයින් කොවිඩ් කාලසීමාවේදී රට හැර ගොස් තිබූ බවත් වෘත්තිකයින් සම්බන්ධව අවධානය යොමු කරමින් මින් පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමට පියවර ගත් බවත් අමාත්‍යවරයා පැවසුවා.

එම අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශයක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ,

“විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන කාලසීමාව දීර්ඝ කිරීම ගැන සාකච්ඡාවක් ආණ්ඩුව තුළ තාම නෑ. නමුත් විවිධ වෘත්තික කණ්ඩායම් තුළ විශ්‍රාම යන වයස ඉහළ දැමීම සඳහා වන යෝජනා ඇවිත් තියෙනවා. ඒකට හේතු කිහිපයක් බලපාලා තියෙනවා එකක් තමයි අපේ රටෙත් උපතේදී අපේක්ෂිත ආයු කාලය වැඩිවෙලා තියෙනවා, කොවිඩ් සමයේදී වෘත්තිකයින් රැසක් රට හැර ගියා මේ ආදි කරුණු නිසා සහ මේ අයගේ අත්දැකීම් යන කරුණු මත රාජ්‍ය සේවයේ තව කාලයක් ලබා ගැනීමට හැකියාවක් තිබෙනවාද කියන එක වෘත්තිකයින්ගේ පැත්තෙන් ඇවිත් තිබෙනවා. මීට කලින් සෞඛ්‍ය අමාත්‍යාංශය අපි තීන්දුවක් ගත්තා අපේ රටේ විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍යවරු සහ දන්ත වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යන වයස් සීමාව අවුරුදු 60-63 දක්වා දීර්ඝ කළා. තවත් වෘත්තිකයින්ගේ ඉල්ලීම් තිබෙනවා. නමුත් විශේෂයෙන් විනිසුරුවරුන් සම්බන්ධයෙන් එහෙම තීරණයක් ගෙන නෑ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: