hit counter

2026 ජූනි මස 09 වන අඟහරුවාදා

2026 ජූනි 09, පෙ.ව. 11:59



අද (09) දින මෙරට වාණිජ බැංකුවල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇත. ඒ අනුව විකුණුම් අනුපාතය රුපියල් 341 දක්වා ඉහළ ගොස් තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව සෙලාන් බැංකුවට අනුව, අමෙරිකානු ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 330.25 සිට රුපියල් 332.25 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතය ද රුපියල් 341 සිට රුපියල් 342 දක්වා ඉහළ ගොස් ඇත.

NDB බැංකුවට අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 331.25 සිට රුපියල් 332.50 දක්වා ඉහළ ගොස් තිබෙන අතර, විකුණුම් අනුපාතය ද රුපියල් 340.25 සිට රුපියල් 341.50 දක්වා ඉහළ ගොස් ඇත.

එමෙන්ම මහජන බැංකුවේ, අමෙරිකානු ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 330.20 සිට රුපියල් 331.18 දක්වා ඉහළ ගොස් තිබෙන බවත්, විකුණුම් අනුපාතය ද රුපියල් 338.98 සිට රුපියල් 339.98 දක්වා ඉහළ ගොස් ඇති බවත් සඳහන්.

මේ අතර කොමර්ෂල් බැංකුව වාර්තා කරන්නේ ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙලින් රුපියල් 328.94 සිට රුපියල් 329.93 දක්වා සහ රුපියල් 340 සිට රුපියල් 341 දක්වා ඉහළ ගොස් තිබෙන බවයි.

එසේම සම්පත් බැංකුවේ ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙලින් රු. 331.50 සිට රු. 332.50 දක්වා සහ රු. 340.50 සිට රු. 341.50 දක්වා ඉහළ ගොස් ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: