2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:06
            
1986 අංක 4 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත ඉවත් කිරීම පිණිස වූ ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත අනුව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නිල නිවසන් පිටවෙන්නේ කවදාදැයි මාධ්‍යවේදීන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් විමසීය.
ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු පැවසූවේ එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කර නීතියක් ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමෙන් පසුව නිවසින් ඉවත්ව යෑමට සූදානම් බවයි.
එමෙන්ම ජනාධිපතිවරයා විසින් ගනු ලබන තීරණ අනාගතයේදී පාරාවලල්ලක් වී නැවත ඔහුටද බලපානු ඇති බවද ඔහු සඳහන් කළේය.
එමෙන්ම ශ්‍රී ලංකාවට පනවා තිබූ ඇමරිකානු බදු ප්‍රතිෂතය 20% දක්වා අඩු කිරීම සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පැවසූවේ කලාපයේ අනෙකුත් රටවලට සාපේක්ෂව සමාන බදු ප්‍රතිශතයන් පනවා ඇති බවත් ශ්‍රී ලංකාව සඳහා එහි විශේෂ වාසියක් නොමැති බවත්ය.
එමෙන්ම ඇමරිකාව විසින් ඉන්දියාවට පාඩමක් ඉගැන්වීම සඳහා අපේ බදු ප්‍රතිශතය ඉන්දියාවට වඩා අඩු කළා විය හැකි බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 8:40
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:11
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:09
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:06
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
01-11-25
                                            01-11-25
01-11-25
                                            01-11-25
01-11-25
                                            01-11-25