hit counter

2025 අගෝස්‍තු මස 05 වන අඟහරුවාදා

2025 අගෝස්‍තු 05, පෙ.ව. 10:20



රජ­යට රාජ්‍ය මුදල් බලය තිබෙ­නවා මෙන්ම සමගි ජන බල­වේ­ග­යට ද යම් හැකි­යා­වක් ඇති බවත් විවිධ කණ්ඩා­යම් පරි­ත්‍යා­ග­ශී­ලීන් දානපතියන් පළාත් පාලන ආය­තන සේවාව අග­යන කණ්ඩා­යම් සමග එක්ව රජයේ අර­මු­දල් තිබු­ණත් නැතත් අපේ ක්‍රම­යට පළාත් පාලන ආය­තන හරහා රට දියුණු කරනා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පවසයි.

විපක්ෂ නාය­ක­ව­රයා මේ බව පැවසූවේ ලග්ගල, පල්ලේ­ගම ප්‍රාදේ­ශීය සභාවේ සහ අඹ­න්ගඟ කෝරළ ප්‍රාදේ­ශීය සභාවේ මන්ත්‍රී­ව­රුන් සමඟ පැවති සාක­ච්ඡා­වක් අතරතුරදීය.

කුමන දේශ­පා­ලන පක්ෂ­ය­කට අයත් වුවත් පළාත් පාලන ආය­තන ශක්ති­මත් කරන ලෙසත් ප්‍රාදේ­ශීය සභා­වල පුන­රා­ව­ර්තන සහ වැටුප් විය­දම් 20%ක වග­කීම පළාත් පාලන ආය­ත­න­ව­ලට සහ නගර සභා­ව­ලට එම අගය 40% දක්වා වැඩි කිරී­මට මේ මොහොත වන විට රජය කොන්දේසි ඉදි­රි­පත් කර ඇති බවත් මේ තත්ත්වය තුළ පළාත් පාලන ආය­තන වෙත ජන­තා­වට සේවය කිරීම බොහෝ සෙයින් ඇහි­රු­ණත් සමගි ජන බල­වේ­ගය වග­කීම භාර ගත් පළාත් පාලන ආය­තන ආද­ර්ශ­වත් පළාත් පාලන ආය­තන ලෙස ක්‍රියා­ත්මක කිරී­මට පක්ෂ­යක් ලෙස ලබා දිය හැකි උප­රිම සහ­යෝ­ගය දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පැව­සීය.

රජ­යට රාජ්‍ය මුදල් බලය තිබෙ­නවා මෙන්ම සමගි ජන බල­වේ­ග­යට ද යම් හැකි­යා­වක් ඇති බවත් විවිධ කණ්ඩා­යම් පරි­ත්‍යා­ග­ශී­ලීන් ධාන­ප­ති­යන් පළාත් පාලන ආය­තන සේවාව අග­යන කණ්ඩා­යම් ගම් හදා නගර හදා රට හදන සංක­ල්ප­යට ගෞර­වය ලබා දෙන මෙරට සහ පිට­රට ජන­තාව සම්බන්ධ කර­ගෙන පළාත් පාලන ආය­ත­න­වල ජීවත් වන ජන­තා­වට විශිෂ්ට ජනතා සේවා­වක් ලබා­දී­මට කට­යුතු කරන බවත් විපක්ෂ නාය­ක­ව­රයා පැව­සීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: