2025 අගෝස්‍තු 06, පෙ.ව. 12:02
චමල්ෂා දෙව්මිණී… එහෙමත් නැත්නම් හැමෝම දන්න ‘කිඳුරංගනා’ ‘අමන්දා’
චමල්ෂාව කාටත් මතක, ඈ රඟපෑ නිර්මාණ තුළින්. අදටත් ඒවා මතකයි.
විවාහයත් එක්ක චමල්ෂාව අපට නිර්මාණවලින් දැකගන්න ලැබෙන්නෙ නෑ. ඇය ඒ තීරණය ගන්නෙ සිය ජනප්‍රියත්වය ඉහළින්ම තිබුණු කාලේදි කිව්වොත් හරි.
චමල්ෂා ගැන මතක අලුත් කරන සොඳුරු කතාබහක් පසුගියදා අහන්න ලැබුණා.
එතැනදී ඇය කියනවා, විවාහයෙන් පස්සෙ රංගනයට එක් නොවන බවට තමන් මුලින්ම තීරණය කරලා තිබුණු බවත් ප්‍රේක්ෂකයින්ටත් ඒ ගැන කියලා තිබුණු බව.
ඒ වගේම තමන් නිදහස සාමකාමී බව අගයන සරලව, නිදහසේ ජීවත් වෙන්න ආස කෙනෙක් බවත් ඇය හරි ලස්සනට කියලා තිබුණා.
”මම කොහොමත් පැත්තකට වෙලා මගේ පාඩුවේ ඉන්න චරිතයක්. මට හැමදාම ඕනි වුණේ පාඩුවේ අප්‍රසිද්ධියේ ජීවත් වෙන්න. සමාජ මාධ්‍ය ගොඩාක් සීමා කරලා තියෙන්නෙ. මට මගේ කියලා ජීවිතයක් තියෙනවා. ඇයි අපි තව කෙනෙක්ට පේන්න ජීවත් වෙන්නෙ.
මං එක දෙයකට විරුද්ධයි.. මං දන්නෙ නෑ ඒ කමෙන්ට් එක යුතු නැද්ද කියලා,, මිනිස්සු අලුත් වාහනයක් ගත්තාම, ගෙයක් ගත්තාම සහ තමන් සන්තකයේ තියෙන ලස්සන වටින දේවල් ප්‍රසිද්ධියේ දානවා. මට වැරැද්දක් කියන්න බෑ. හැබැයි මම ඒක කවදාවත් කරන්නෙ නෑ. මට ඒක කරන්න හිතෙන්නෙ නෑ. මට වටින දෙයක් තියෙනවා නම් මම ඒක බලලා සතුටු වෙනවා පෞද්ගලිකව. ඒක තව කෙනෙක් ඉස්සරහා ශෝ ඕෆ් කරන්න මම යන්නෙ නෑ….”
චමල්ෂාගේ සැමියා ව්‍යාපාරිකයෙක්.
ඔහු ද ප්‍රසිද්ධියට අනවශ්‍ය ලෙස ලැදි නොවුණු නිදහස අගයන අයෙක් බවයි ඇය කියන්නෙ.
චමල්ෂාට ඉන්නවා ඈ වගේම ලස්සන දුවෙක්. ඈට දැන් අවුරුදු 14ක්. ඇගේ නම ‘සෙනුල්‍යා අත්සරී තෝමස්’
චමල්ෂා කියන විදියට දූ කියන්නෙ ඇයට ලැබුණු වටිනාම ආශිර්වාදයක්. මනුස්සකම්වලින් පිරුණු දුවක්…..
උපුටාගැනීම : Rangana De Silva සමඟ කළ කතාබහක් ඇසුරින්
2025 අගෝස්‍තු 06, පෙ.ව. 12:07
2025 අගෝස්‍තු 06, පෙ.ව. 12:05
2025 අගෝස්‍තු 05, පෙ.ව. 12:07
2025 අගෝස්‍තු 05, පෙ.ව. 12:05
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:07
06-08-25
06-08-25
06-08-25
06-08-25
06-08-25
06-08-25
06-08-25
06-08-25
06-08-25
06-08-25
06-08-25
06-08-25
06-08-25
06-08-25
05-08-25
05-08-25
05-08-25
05-08-25
05-08-25
05-08-25
05-08-25
05-08-25
05-08-25
05-08-25