hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2025 අගෝස්‍තු 17, පෙ.ව. 12:06



මෙරට ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අහිමි කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරුන් සමග කණ්ඩායමක් වශයෙන් සාකච්ඡා නොකළ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම පක්ෂයේ ක්‍රියාකාරීන්ට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

ඒ අනුව හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීමට එරෙහිව අධිකරණයට නොයන බවද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම පක්ෂයේ ක්‍රියාකාරීන්ට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

මේ අතර හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අහෝසි කිරීමට එරෙහිව කිසිදු නෛතික ක්‍රියාවකට හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක සම්බන්ධ නොවන බව පසුගියදා සඳහන් කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: