hit counter

2025 අගෝස්‍තු මස 21 වන බ්‍රහස්පතින්දා

2025 අගෝස්‍තු 21, පෙ.ව. 11:17



වැඩවර්ජනයේ නිරතව තවදුරටත් සේවයට වාර්තා නොකරන තැපැල් සේවකයින් සම්බන්ධයෙන් පියවර ගැනීමට සූදානම් වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

තැපැල්පති රුවන් සත්කුමාර මහතා පැවසුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයද දැනුවත් කර එම ක්‍රියාමාර්ග ගන්නා බවයි.

කෙසේවෙතත් තැපැල් සේවකයින් මෙම වැඩ වර්ජනයේ නිරතව සිටින්නේ ඔවුන්ගේ නිවාඩුද අවලංගු කර ඇති පසුබිමකයි.

අතිකාල දීමනා සහ ඇගිලි සලකුණු යෙදීම ඇතුලු ඉල්ලීම් 19ක් මුල්කරගනිමින් මෙම වැඩවර්ජනය අද 4 වන දිනටත් ක්‍රියාත්මකයි.

කෙසේවෙතත් සමස්ත ලංකා උප තැපැල් ස්ථානාධිපති සංගමයේ ලේකම් ප්‍රේමකුමාර විජේවර්ධන මහතා පැවසූවේ තැපැල් සේවය තුළ උප තැපැල් දෙපාර්තමේන්තු 3410ක් නියෝජනය කරනා විශාලතම තැපැල් සේවක වෘතීය සමිතිය ලෙස තම සංගමය වර්ජනය අත් හැරීමට තීරණය කළ බවයි.

තම සංගමය ගත් තීරණය සම්බන්ධයෙන් තැපැල් සේවය තුල පවතින අනෙකුත් වෘතීය සමිති හරහා කිසිදු බලපෑමක් සිදු නොවනු ඇති බවට තමා විශ්වාස කරනා බවත් එහිදී ලේකම්වරයා සඳහන් කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: