2025 අගෝස්‍තු 21, පෙ.ව. 11:52
පාස්කු ප්‍රහාරයේ මහමොළකරු කවුදැයි එදා සිට මේ දක්වා සෑම ආණ්ඩුවකම ප්‍රධානීන් මෙන්ම හමුදා ඇතුළු සියලුම පාර්ශවයන් හොඳින් දන්නා බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.
ඔහු කව්ද යන වග දැන සිටියත් මහමොළකරු සමග සටන් කිරීමට හැකියාවක් ශ්‍රී ලංකාවට නොමැති බවත් හිටපු ජනපතිවරයා වැඩිදුරටත් පවසයි.
ඊයේ (20) කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති උත්සවයක් අමතමින් සිරිසේන මහතා මේ බව සඳහන් කළේය.
මෙය සිදු වු අයුරු තමා විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පවසා තිබෙන නමුත් එය ප්‍රසිද්ධියේ පැවසිමට කිසිම කෙනෙකුට නොහැකි බව හිටපු ජනපතිවරයා සඳහන් කළා.
මෙහිදි අදහස් දැක්වු හිටපු ජනපතිවරයා,
“ලෝක සාමය, තිරසර සංවර්ධනය සහ භූ දේශපාලනය ගැන කතාකරන විට ප්‍රධාන වශයෙන්ම මට කියන්නට තියෙන්නේ ලෝකෙ ඉන්න බලවතුන් කිහිපදෙනෙක් මානසික රෝගීන්. ඒගොල්ලන්ට යුද්ධය නැතිව බෑ. යුධ මානසිකත්වයෙන් පෙළෙන අය. එක පැත්තකින් ඊශ්‍රායලයේ නෙතන්යාහු. එයාට ඉන්න බෑ, හැමවෙලේම කාටහරි ගහන්න ඕනෙ. පලස්තීනය ඉවරෙටම ඉවර කරලා දැම්මා.
ඊළඟට ඉරානයට ගහන්න පටන් ගත්තා. ඉරානයත් ගහනකොට ඊශ්‍රායලයට, ඇමරිකාව විශාල B2 යාත්‍රාවලින් ගිහිල්ලා ඉරානයට ගැහුවා. එතකොට මේවාට යන සල්ලි මේ ලෝකෙ දුප්පත් රටවල්වලට දෙනවා නම් ….ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ඉන්න කාලෙ, LTTE සංවිධානයේ ක්‍රියාකාරීත්වයත් එක්ක, අන්තිමට ඉන්දියාව අපිට පරිප්පු දැම්මා. පරිප්පු දාලා ජේ. ආර්. ජයවර්ධන මහත්තයයි කට්ටිය බය කරලා ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කෙරුවා.
පළාත් සභා පනත සම්මත කෙරුවා. දැන් අවුරුදු 11ක් පළාත් සභා ක්‍රියාත්මක නැහැ. නිලධාරීන් 2500කට වැඩිය නිකම් ඉන්නවා, කෝටි ගාණක් අවුරුද්දකට අපතේ යනවා. මේවා ඇතිවුණේ අපේ ප්‍රශ්න නිසා නෙවෙයි, අපට ඇතිවෙලා තිබෙන බලපෑම් නිසා.
තවත් අපට ලොකු අපරාධ සිද්ධ වෙලා තියෙනවා, සිද්ධ කරලා තියෙනවා. මාව මහා අපකීර්තියට පත්වෙච්ච, මගේ ආණ්ඩුව විනාශ කෙරුවෙත්, මගේ පක්ෂය විනාශ කෙරුවෙත් ඔය විදිහේ වැඩපිළිවෙලක් තුළ තමයි. ඒක නිසා මම නම් මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කියලා තියෙනවා මේ සිද්ධ වෙච්ච දේ කොහොමද සිද්ධ වුණේ කියලා.
නමුත් ඒක කාටත් එළියේ කියන්න බැරිකම තමා තියෙන්නෙ. මහමොළකාරයා හොයන්න දැඟළුවාට ඔය හැම කෙනාම මහමොළකාරයා කවුද කියලා දන්නවා. මහමොළකාරයා කවුද කියලා හැම ආණ්ඩුවකම අයත් දන්නවා, හමුදාවල අයත් දන්නවා, බුද්ධි අංශවල අයත් දන්නවා. නමුත් මහමොළකාරයා කොහෙද ඉන්නෙ කියලා කිව්වාට, මහමොළකාරයාත් එක්ක අපිට සටන් කරන්න පුළුවන්කමක් නැහැ….”
2025 අගෝස්‍තු 22, පෙ.ව. 12:15
2025 අගෝස්‍තු 22, පෙ.ව. 12:13
2025 අගෝස්‍තු 22, පෙ.ව. 12:11
2025 අගෝස්‍තු 22, පෙ.ව. 12:11
2025 අගෝස්‍තු 22, පෙ.ව. 12:09
22-08-25
22-08-25
22-08-25
22-08-25
22-08-25
22-08-25
21-08-25
21-08-25
21-08-25
21-08-25
21-08-25
21-08-25
21-08-25
21-08-25
21-08-25
21-08-25
21-08-25
21-08-25
20-08-25
20-08-25
20-08-25
20-08-25
20-08-25
20-08-25