hit counter

2025 අගෝස්‍තු මස 21 වන බ්‍රහස්පතින්දා

2025 අගෝස්‍තු 21, ප.ව. 4:47



ගීත නිර්මාණ වෙළෙඳ භාණ්ඩ­යක් ලෙස භාවිත කරන්නේ නම් නිර්මා­ණ­වේ­දීන්ට ගෞර­ව­යක් ලෙස ගීත රච­ක­යන්ට සහ තනු නිර්මා­ප­ක­යන්ට කර්තෘ භාග ගෙවී­මට පිය­වර ගන්නැයි ශ්‍රී ලංකා සංගීත නිර්මා­ණ­ක­රු­වන්ගේ සහ සංගීත ප්‍රකා­ශ­ක­යන්ගේ සංග­මය සංවි­ධා­ය­ක­ව­රු­න්ගෙන් ඉල්ලා සිටියි.

පද­නම් ආය­ත­න­යේදී පෙරේදා (19) සංවි­ධාන කර තිබූ මධ්‍ය හමු­ව­කදී ප්‍රවීණ ගීත රචක නිලාර් එන්. කාසිම් මහතා සඳ­හන් කළේ, වසර ගණ­නා­වක් පුරා පව­තින නීති නිසි ලෙස අනු­ග­ම­නය නොකි­රීම නිසාම ප්‍රාසං­ගික කට­යු­ත්තක දී ගීත නිර්මා­ණ­ක­රු­වන්ට මුදල් හිමි­විය යුතු නැති බව­ටත් මුදල් හිමි­විය යුත්තේ ගායන ශිල්පීන්ට පම­ණක් බවත් සාවද්‍ය මත­යක් සමා­ජ­ගත වී තිබෙන බවයි.

ගීත­යක කර්තෘ හිමි­කම දරන ගී පද­ර­ච­ක­යන් සහ සංගී­ත­ඥ­යන්ගේ අයි­තීන් සුර­ක්ෂිත කිරීම සඳහා, 2003 අංක 36 දරන බුද්ධි­මය දේපළ පනත යටතේ ස්ථාප­නය කර ඇති එකම ආය­ත­නය ACPOSL ආය­ත­නය බවද ඔහු කීය.

මෙහිදී වැඩි­දු­ර­ටත් ඒ මහතා මෙසේද කීය.

“ගීතය හා සම්බන්ධ වැරදි මති­ම­තා­න්තර පසු­ගිය සමයේ ප්‍රචා­රය කෙරුණා. ගීතය කියන්නේ බුද්ධි­මය දේපළ ඇසුරු කර කරන කලා­ත්මක නිර්මා­ණ­යක්. මෙහි බුද්ධි­මය දේපළ පසු­බිම පිළි­බ­ඳව බොහෝ දෙන­කුට අව­බෝ­ධ­යක් නැහැ. ගීත­යක් සඳහා ප්‍රධාන වශ­යෙන් ගීත රච­කයා, සංගී­ත­වේ­දියා සහ ගාය­කයා තුන්දෙ­නා­ගේම නිර්මා­ණා­ත්මක දාය­ක­ත්වය ලැබෙන නිර්මා­ණ­යක්. නිෂ්පා­ද­ක­යා­ටත් එහි කිසි­යම් විදි­යක ආර්ථික පංගු­ක­රු­වකු වෙන්න හැකි­යාව තිබෙ­නවා. මේ වෙන­විට ගීත­යක් සමඟ ඈඳුණු වෙළෙ­ඳ­පොළ දහ­රාව පුළුල් වෙලා තියෙ­නවා.

ගීත­යක කර්තෘ හිමි­කම සම්බ­න්ධ­යෙන් වර්ත­මා­නයේ බොහෝ මත­වාද පැන නැඟී ඇතත් මූලික වශ­යෙන් ගීත­යක කර්තෘ හිමි­කම් සතු වන්නේ ගී පද රචක සහ සංගී­තඥ දෙප­ළ­ටයි. ගාය­කයා සහ නිෂ්පා­ද­කයා සතු වන්නේ ආසන්න සම්බ­න්ධිත හිමි­ක­මක් පම­ණයි. අවස්ථා කිහි­ප­යක දී රජය නිකුත් කර ඇති ගැස­ට්‌ ­නි­වේ­දන අනුව ගීත නිර්මාණ භාවිත කරන සියලු ජන­මාධ්‍ය, රූප­වා­හිනී සහ ගුවන් විදුලි නාළිකා ඊට අදාළ කර්තෘ භාග ගෙවිය යුතු වෙනවා. සුපිරි වෙළෙ­ඳ­සල්, හෝටල් පරිශ්‍ර, අංගණ සහ ආප­න­ශාලා වැනි ස්ථාන­වල භාවි­ත­යට ගැනෙන ගීත නිර්මාණ සඳහා ද මුදල් ගෙවා බල­ප­ත්‍ර­යක් ලබා ගැනීම ආය­තන හිමි­ක­රු­වන්ගේ වග­කී­මක්.”

ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ ආචාර්ය රෝහණ වීර­සිංහ මහතා-

“සංගීත කෘති වාණිජ අර­මු­ණින් යොදා­ගන්නා ඕනෑම ප්‍රශං­සා­ත්මක කාර්ය­යක දී, ගී පද­ර­ච­ක­යන්ට සහ සංගී­ත­ඥ­යන්ට හිමි කර්තෘ භාග මුදල් ගෙවා අදාළ බල­ප­ත්‍රය ලබා ගැනීම ප්‍රසංග සංවි­ධා­ය­ක­ව­රුන් වෙත පැව­රෙන වග­කී­මක්. එසේ නැතිව පව­ත්වන ඕනෑම ප්‍රසං­ග­යක් බුද්ධි­මය දේපළ නීතිය අනුව නීති විරෝ­ධීයි. එවන් අව­ස්ථා­වක පිළි­පැ­දිය යුතු නෛතික පිය­වර ද එම පනතේ දක්වා තිබෙ­නවා. ඒ අනුව, බුද්ධි­මය දේපළ නීතිය උල්ලං­ස­නය කර­න්නන්ට එරෙ­හිව පැවැ­ත්වෙන නඩු විභා­ග­ය­කින් පසු අදාළ වර­ද­කරු රුපි­යල් ලක්ෂ 5 නොඉ­ක්ම­වන දඩ­ය­කට හෝ මාස 6 නොඉ­ක්ම­වන සිර දඬු­ව­ම­කට යටත් කළ හැකියි. දෙවන වරට වර­ද­කරු වුව­හොත් මෙකී දඬු­වම් දෙක­ටම යට­ත්වී­මට සිදු­වෙ­නවා.

ලංකාවේ වැඩිම ජන­ගත වන කලා නිර්මා­ණය ගීත­යයි. ගාය­කයා කේන්ද්‍ර කොට­ගෙන තමයි මේ කලා නිර්මාණ ජන­ගත වෙන්නේ. ගුවන් විදු­ලියේ පවා ඇහෙන්නේ ගාය­ක­යාගේ හඬයි. සංද­ර්ශ­න­ය­කට ගියත් ප්‍රේක්ෂ­කයා දකින්නේ ගාය­ක­යා­වයි. ඒ නිසාම හැම කෙනා­ගේම ඔළුවේ රැඳුණේ ගාය­කයා ගීතයේ හිමි­කරු වශ­යෙ­නුයි. නමුත් ජාත්‍ය­න්තර නීති­රීති හමුවේ ගායන පාර්ශ්ව­යට මෙතෙක් තිබූ ස්ථානය දෙදරා යමින් තිබෙන නිසා මේ වන­විට නොයෙක් අව­ලාද නඟන තත්ත්ව­යට පත්වෙලා තිබෙ­නවා. ඒ නිසාම අද ඔවුන් සම අයි­තිය ඉල්ලන තැනට පත්වෙලා.”

ප්‍රවීණ ගායන ශිල්පී හා සංගීත අධ්‍යක්ෂ රූකාන්ත ගුණ­ති­ලක මහතා-

“ගීත­යක් නිර්මා­ණය කර­නවා කියන්නේ මීට අවු­රුදු කීහි­ප­ය­කට කලින් සංකීර්ණ ක්‍රියා­ව­ලි­යක්. එලෙස අමා­රු­වෙන් නිර්මා­ණය කරන ගීත­ය­කින් මුදල් හොයා­ගෙන ජීවත් වෙන ගායික ගායි­කා­වන් නිර්මා­ණ­ක­රු­වන් තව­මත් ඉන්නවා. ගුවන් විදු­ලියේ රූප­වා­හි­නිය වගේම පුංචි දරු­වන් ටිකක් ඩොල්කි­ය­කට ගහලා අපේ සින්දු­වක් කිව්වත් ඒක ඇහෙ­න­කොට අපට දැනෙන්නේ සතු­ටක්. ඒක අපට ආභ­ර­ණ­යක්. අපේ සංගී­ත­වේ­දීන් ගීත­යක් නිර්මා­ණය කරන්න විශාල ලෙස කැප­වෙ­නවා. නමුත් ඒ සියලු දේ පසුව අම­තක කර­නවා. සිංදුව හදා­ගත්තේ මුදල් දීලා කියා කිය­නවා. සංගීත අධ්‍ය­ක්ෂ­ව­රයා බාස් කෙනෙක් බවට පත්කර කතා කර­නවා. ඒක හරිම කන­ගා­ටු­දා­ය­කයි. ජාත්‍ය­න්තර වශ­යෙන් ගීත­යක අයි­තිය තිබෙන්නේ පද රච­ක­යාට සහ සංගීත නිර්මා­ණ­ක­රු­වා­ටයි.”

ප්‍රවීන කලා­ක­රු­වන් වන නව­රත්න ගමගේ, රංග දස­නා­යක, බන්දුල නානා­ය­ක්කා­ර­ව­සම්, සරත් ද අල්විස් , කුල­රත්න ආරි­ය­වංශ, වසන්ත කුමාර කොබ­වක යන අය ද මෙම මාධ්‍ය හමු­වට සහ­භාගි වූහ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: