hit counter

2025 අගෝස්‍තු මස 21 වන බ්‍රහස්පතින්දා

2025 අගෝස්‍තු 22, පෙ.ව. 12:19



ජනප්‍රිය රංගන ශිල්පිනී ශලනි තාරකා, තමන් මව් පදවිය ලැබීමට සූදානමින් සිටින බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැතිර යන කටකතා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා තිබේ. ඇතැම් පිරිස් කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය මගින් සැකසූ ඡායාරූප පවා යොදා ගනිමින් මෙම අසත්‍ය ප්‍රචාරය සිදුකරන බව පවසන ඇය, එම ප්‍රවෘත්තිවල කිසිදු සත්‍යතාවක් නොමැති බව අවධාරණය කරයි.

විදෙස්ගතව සිටින තම සැමියා සමඟ විවාහ දිවියක් ගත කරන ශලනි, පසුගිය කාලසීමාවේදී රංගන නිර්මාණවලින් තරමක් ඈත්ව සිටියේ සිය පෞද්ගලික ජීවිතයට මුල්තැන ලබා දීමේ අරමුණෙනි.

සිය පෞද්ගලිකත්වය රැක ගනිමින් ජීවිතය විඳීමට ඇති කැමැත්ත නිසා කලා කටයුතුවලින් විවේකයක් ගත් බව ඇය මීට පෙරද සඳහන් කර තිබුණි.

මෙම කටකතාව පිළිබඳව සතිඅන්ත පුවත්පතක් වෙත අදහස් දක්වමින් ශලනි තාරකා මෙසේ පවසා තිබිණි. “ඔව්, එහෙම කතාවක් සමාජ මාධ්‍යවල පැතිරෙනවා මමත් දැක්කා. සමහර අය AI තාක්ෂණයෙන් බඩකුත් හදලා දාලා තිබුණා. නමුත් තවම එහෙම සූදානමක් නැහැ. මම විශ්වාස කරනවා ඒ දේවල් වෙන්න ඕනෑ හරිම වෙලාවට සිද්ධ වෙයි කියලා.”

ඇගේ ව්‍යාජ පුවත් ඇසින් දුටු සේ මවන්නට යූටියුබ් නාලිකා කටයුතු කර තිබුණි.
“ශලනි උතුම් මව් පදවිය ලබයි. පුංචි පුතා නිහත වගේමයි” කියමින් එක් යුටියුබ් නාලිකාවක් වීඩියෝවක් මුදා හැර තිබූ අතර ඒ වීඩියෝව දින 13ක් ඇතුළත 156,000ක් නැරඹුම් ලබා තිබුණි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: