2025 සැප්‍තැම්‍බර් 02, ප.ව. 9:36
ගණේමුල්ල සංජීව ඝාතනය සඳහා යොදාගත් බවට පැවසෙන ගිනිඅවිය ඊට පෙර දිනක සූදානම් කරන අයුරු දැක්වෙන වීඩියෝවක් අප වෙත ලැබුණි.
අපරාධකරුවකු වන ගණේමුල්ල සංජීව පසුගිය පෙබරවාරි 19 වනදා අලුත්කඩේ අංක 5 අධිකරණය තුළදී වෙඩි තබා ඝාතනය කරනු ලැබීය.
ඒ සඳහා යොදාගත් පිස්තෝලය රැගෙනවිත් තිබුණේ නීතීඥයන් භාවිත කරන පොතක් කපා සූක්ෂ්ම ලෙස ඒ තුළ බහාලමින්ය.
පිස්තෝලය එම පොත තුළට දමා සූක්ෂ්ම ලෙස සකසන අයුරු අදාළ වීඩියෝපටයේ දැක්වෙයි.
ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී හෙළිවී ඇත්තේ, ගණේමුල්ල සංජීව ඝාතනයට දින කිහිපයකට පෙර යම් කිසිවෙක් මෙම රූගත කිරීම සිදුකොට කෙහෙල්බද්දර පද්මේ වෙත යවා ඇති බවය.
2025 සැප්‍තැම්‍බර් 03, ප.ව. 4:38
2025 සැප්‍තැම්‍බර් 03, ප.ව. 4:07
2025 සැප්‍තැම්‍බර් 03, ප.ව. 4:05
2025 සැප්‍තැම්‍බර් 03, ප.ව. 3:09
2025 සැප්‍තැම්‍බර් 03, ප.ව. 1:32