hit counter

2025 සැප්‍තැම්‍බර් මස 05 වන සිකුරාදා

2025 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 12:02



ඇමති සමන්ත විද්‍යාරත්න මහතා ජන හමුවකදී අදහස් දක්වමින් කියා සිටියේ, රජයට අයත් ආයතන නිසි ලෙස නඩත්තු කර සාර්ථකව පවත්වාගෙන යෑම අත්‍යවශ්‍ය බවයි.

එසේ කළ නොහැකි නම් ඒවා නිකරුණේ අත්හැර දැමීම රටට කරන හානියක් බව ඔහු අවධාරණය කළේය.

රාජ්‍ය ආයතන සාර්ථකව පවත්වාගෙන යෑමට රජයට තනිව නොහැකි නම්, පෞද්ගලික අංශය සමඟ ඒකාබද්ධව ඒවා දියුණු කළ යුතු බව රජයේ ස්ථාවරය බව ද ඇමතිවරයා පැහැදිලි කළේය.

තම අමාත්‍යාංශය සතුව ඇති අක්කර ගණනක ඉඩම් ඵලදායීව යොදා ගැනීම රජයේ අරමුණයි.

ඒ අනුව, වගා කළ හැකි පුද්ගලයන්ට හෝ විදේශීය ආයෝජකයන්ට එම ඉඩම් ලබා දී ඵලදායී ව්‍යාපෘති ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: