2025 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 12:04
කෙහෙල් බද්දර පද්ම සහ කුඩු සලිඳු ඇතුළු පාතාල සාමාජිකයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසුව පුළුල් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ හිටපු අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලනඥයන් අට දෙනෙකු සහ කලා ක්ෂේත්‍රයේ කිහිප දෙනෙකු මොවුන් සමඟ කලින් සම්බන්ධතා පැවැත් වූ බවයි.
මේ සම්බන්ධයෙන්, ඔවුන්ගේ දුරකථන වාර්තා විශ්ලේෂණය කරමින් තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරනු ලබන බව පොලිසිය ප්‍රකාශ කරයි.
ඊට අමතරව, මෙම පාතාල සාමාජිකයන් සමඟ සම්බන්ධකම් පැවැත්වූ බවට සැක කරන රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකු ගැන ද විමර්ශන අංශවල අවධානය යොමුව ඇත.
මෙම පාතාල නායකයන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව, ඔවුන් සමඟ ගනුදෙනු කළ බවට සැක කෙරෙන තවත් ප්‍රසිද්ධ පාතාල නායකයන් පස් දෙනෙකු සහ ඔවුන්ගේ ආධාරකරුවන් පනහකට ආසන්න සංඛ්‍යාවක් සිය නිවෙස් අතහැර පලා ගොස් ඇතැයි ද ඉහළ පෙළේ පොලිස් ආරංචි සඳහන් කරයි.
මෙලෙස පලා ගොස් ඇති බහුතරය දකුණු පළාතේ සහ බස්නාහිර පළාතේ පදිංචිකරුවන් බව ද තොරතුරු වාර්තා වේ.
2026 ජනවාරි 01, පෙ.ව. 12:34
2026 ජනවාරි 01, පෙ.ව. 12:23
2026 ජනවාරි 01, පෙ.ව. 12:18
2026 ජනවාරි 01, පෙ.ව. 12:15
2026 ජනවාරි 01, පෙ.ව. 12:13
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25