hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 නොවැම්‍බර් 19, පෙ.ව. 8:35



කලාවට ඕපපාතිකයෙක් නොවන අභිෂේකා විමලවීරගේ ලයාන්විත කටහඩට බොහෝ දෙනෙක් ප්‍රිය කරනු ලබනවා.

ඇය නිර්මාණය කරනු ලැබු බොහෝමයක් ගීත ද ජනතාවගේ ආදරයෙන් වැළදගනු ලැබු අතර පුංචි කාලයේ ඉදලම කලා හැකියාවෙන් පරිපුර්ණ ඇය ගීත රැසක්ම ගායනා කර තිබෙනවා.

එපමණක් නොව ඇය සමාජ මාධ්‍ය තුල නිතරම ක්‍රියාශීලි කලාකාරිනියක් ලෙස ද හදුන්වා දිය හැකි.

අභිෂේකා විමලවීර කියන්නෙ වත්මන් පරපුරේ ඉතාමත් ජනප්‍රිය ගායිකාවක්.

ඇයගේ ගීතවලට ආදරේ කරන පිරිස ඉතාමත් වැඩියි.

අභී කියන්නෙ ගායනයට විතරක් දක්ෂ කෙනෙක් නෙවෙයි.

ඇයට හරිම අපූරුවට වචන ගැළපීමේ හැකියාව තියෙනවා.

ඒ කියන්නෙ අභී ඉතාමත් දක්ෂ කවිකාරියක්.

“රිදි රිදී” , “මතක” වැනි අතිශය ජනප්‍රිය ගී ගැයූ අභිෂේකා විමලවීරගේ පළමු ඒකපුද්ගල ප්‍රසංගය පසුගිය 12 වෙනිදා පැවැත්වුණා.

එදින අභීට ලැබුණු ප්‍රේක්ෂක ආදරය කොපමණද කිවහොත්, කිසිදු හිස් අසුනක් නෙළුම් පොකුණ රඟහලේ දකින්නට ලැබුණේ නැහැ.

විසිහතර පැයක් ගතවන්නටත් පෙර ඇගේ “අභී” ප්‍රසංගයේ සියලු ප්‍රවේශ පත්‍ර ද අවසන් ව තිබුණා.

සිය පියාගේ අභාෂයෙන් කලා ලොවට පිවිසුණු අභී සංගීතයේ වෙනස්ම මානයන් ස්පර්ශ කළ යොවුන් පරපුරේ ප්‍රියතම තාරකාවියයි.

ඇගේ ගීත සියල්ලේම පාහේ ගීපද සහ සංගීත තනු ද ඇගේ වීම විශේෂ යි.

“අභි” ප්‍රසංගය අතරතූර බොහෝ දෙනාගේ හදවත් සසළ කළ එක් සේයාරුවක් වූයේ “සුනිල් විමලවීර” වෙනුවෙන් වෙන් කර තිබූ අසුන යි.

“සමනල් හැඟුමන් අතරේ”, “මී පැණි රහසක් ගැලුවා සූකිරි කන්දෙන්” ,”හුදකළා විරාමයේදී” වැනි අතිශය ජනප්‍රිය ගී පද රචනා රැසක ම හිමිකරු වූයේ අභිගේ පියා, සුනිල් විමලවීරයි.

මෙම සංවේදී දසුන වෙනුවෙන් බොහෝ දෙනෙක් සිය අදහස් පළ කර තිබූ අතර, එවැනි සටහනක් පහතින්,

” තාත්තෙක් නැති දුක දරන්න දුවෙක්ට තව පොඩි හිතක් දෙන්න” තාත්තේ , ඇහෙනවද මාව දිව්‍යලෝකේ වැයෙන තත් වලට වඩා මගෙ කටහඩ අහන්න ආස බව මම දන්නවා.. ඒ නිසාමයි, දහස් ගානක් දෑස් අස්සේ හිත හිස් නොවුනු වග දනවන්න ඔයාට ඉඩක් වෙන් වුනේ..

කාටවත් නොපෙනුනත් වේදීකාවේ ලයිට් එලියෙන් ඔයාගේ දිලිසෙන ඇස් මම දැක්කා.. ඔව් ඔයා එතන හිටියා.. මම දැක්කා.. තාත්තේ , මාව ඇහෙනවද කියලා ආයෙ මම අහන්නෑ.. මං දන්නවා මගෙ හැම තත්පරයක්ම ඔයාට ඇහෙනවා.. දැනෙනවා… (අභී වෙනුවෙන්) Abhisheka Wimalaweera





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: