2022 ජූනි 26, ප.ව. 6:51
අධිවේගී මාර්ගයේ යතුරුපැදියක් ධාවනය කර රිය අනතුරක් සිදුකළ බවට පොලිස් කොස්තාපල්වරයෙකු දක්ෂිණ අධිවේගී මාර්ග රථවාහන පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාර පොලිස් කොස්තාපල්වරයා බීමතින් සිට ඇති බවට අනාවරණය වී ඇති බවයි පොලීසිය පැවසුවේ.
කොතලාවල පිවිසුමෙන් අධිවේගී මාර්ගයට සිය යතුරුපැදිය ඇතුළු කර ඇති ඔහු පොලිස් අණ නොතකා කොට්ටාව දෙසට ගමන් කර යළි යතුරුපැදිය හරවා කඩවත දෙසට ගමන් කිරීමේ දී මෝටර් රථයක ගැටී අනතුරට ලක්ව ඇති බව සඳහන්.
අදාළ කොස්තාපල්වරයා බීමතින් යතුරුපැදිය ධාවනය කරන අයුරු සහ අනතුර සිදුවු අයුරු ජංගම දුරකථනයක මෙලෙස සටහන්ව තිබුණි.
2026 මැයි 02, පෙ.ව. 12:08
2026 මැයි 01, පෙ.ව. 12:10
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:19
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 29, පෙ.ව. 12:11