hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:23



ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ තුල නොමැකෙන නමක් රැන්දූ අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ ගායන ශිල්පියෙක් තමයි අමල් පෙරේරා කියලා කියන්නේ.

ඒ වගේම ඔහු ගායන කල මල් පිට මල්, මා සනසා, මායම් තරු රෑනේ, ප්‍රංශ යුවතියන්, සමුගන්නේ නෑ වැනි ගීත අදටත් වයස් බේදයකින් තොරව අපේ රටේ ඉතාම ජනප්‍රියයි.

ඉතින් ඒ වගේම නිරන්තරයෙන්ම වේදිකාව තුලුන් දැකගන්න ලැබෙන මේ තාත්තයි පුතයි ගැන සමාජජාල මාධ්‍ය තුලින් නිරන්තරයෙන්ම කා අතරත් කතා බහට ලක් වෙනවා.

අමල්ට තිබුණා විශ්මිත හැකියාවක්.

ඉන් එහා ක්ෂේත්‍රය ඇතුළේ වුණත් අමල් බොහෝම නිහතමානී එකෙක් විදිහට පිළිගන්නවා.

සංවිධායකතුමන්ලා එහෙමත් අමල්ව තමන්ගේ ප්‍රියතම ලැයිස්තුවේ තියාගෙන ඉන්න හේතු තියනවා.

අමල් ගැන අලුත්ම කතාව ලියලා තිබුණේ චින්තන ධර්මදාස.

‘අර ඉමොරිච් එකෙන් අමල් පෙරේරා සහ ලන්ත්‍රා එක්ක කරපු වැඩසටහනේදි ස්ටෙෆනි අමල් ගැන ලස්සන කතාවක් කියනවා. ‘ මං ඔයත් එක්ක වැඩිය කතා කරලා නෑ. ඒත් අද ඔයා මුනගැහුනම දැනෙනවා ඔයා ගාව පුදුම ඕරා එකක්. හරිම එනර්ජි එකක් ෆීල් වෙනවා ඔයා ළග ඉන්නකොට. ඔයා හරියට බැට්රි එකක් වගේ’

මේ ස්ටෙෆනි කියන්නෙ අමල්ගෙ තියෙන සෙක්ෂුවල් එනර්ජි එක ගැන. අමල් ගැන ගෑණු ගොඩක් මට මේ කතාව කියලා තියෙනවා. මං හිතන්නෙ අමල් පෙරේරා කියන්නෙ ඒ ඇල්ෆා මේල් ස්වභාවික ලිංගික බලයෙන් උතුරා යන කැරැක්ටර් එකක්. අමල් සිංදු කියනවා ඇහෙද්දි ගෑනුන්ට ඉන්න බැරි වෙනවා. ස්‍ටෙෆනි ලංකාවෙ ගොඩක් ගෑනු වගේ හංගන්නෙ නැතුව එයාට දැනෙන දේ විවෘතව කියනවා. ඇත්තටම ඒ වැඩසටහනේ අමල් ඉන්නෙ ලොකු එනර්ජි එකකින් පිරිලා.

මේ ළගදිත් අමලා කෝල් කරලා මට බැන්නා. මගේ පොතක ඌ සිංදු කියනවා හරි නෑ කියලා ලිව්වා කියල. මං උගෙන් සමාව ඉල්ලුවා. ප්‍රබන්ධ ඇතුලෙ මගේ යාලුවො maranna, උන් ගැන කැත කතා ලියන්න මං ආසයි. ඇත්ත ලෝකෙ උන් මගේ යාලුවො වුනාට ප්‍රබන්ධ ලෝකෙ උන් මගේ හතුරො. ඒක ඉතිං අමලාට කියලා තේරුමක් නෑ.

මේ මෑතක ඉඳන් මං ආසාවෙන් බලාගෙන ඉන්න තවත් දෙයක් තමයි වයස්ගත මිනිස්සු ලස්සන තරුණ කෙල්ලො ඉස්සරහ ජීවයෙන් උතුරා යන හැටි. තරුණ කෙල්ලන්ගෙන් වයසක පිරිමින්ට ලොකු එනර්ජි එකක් ගලනවා. නිකං පුටුවක වැටිලා හිටපු නාකි අවදි වෙලා එනවා. ඒ නාකින්ගෙ තරුණ කාලෙ තිබුනු ආලෝකය ආපහු ඇස්වලට එනවා.

මං හිතන්නෙ කිසිම ෆිල්ටර් එකක් නැතුව ‍වයස්ගත වෙද්දි සෙක්ෂුවල් එනර්ජි එක අමුවෙන් අපිට වදිනවා. තරුණ කාලෙදි ගොඩක් ඩිස්ට්‍රැක්ෂන්ස්. තෝරාගැනීම් වැඩියි. වයසත් එක්ක කාලය විසින් තෝරාගැනීම් කොහොමත් අවම කරනවා. තාරුණ්‍යයේ අංශුමාත්‍රයකින් අපිව උතුරා යනවා. ඒක හරිම ලස්සන ජීව සම්බන්ධයක්. මේක ඒ ‍තරුණිය සමග ඍජුව යහන්ගත වීමේ ආශාවක් නොවෙන්න පුළුවන්. ඒත් ඒ තරුණිය අවට ගැවසෙන්න, විහිලුතහලු කරන්න, නිතර එයාගෙ නම කියලා කතා කරන්න ආදී වූ හරිම සරල තැන්වල සිද්දවෙන සුන්දර ශක්ති හුවමාරුවක්. (අනිවාර්යෙන් යහන්ගත වෙන්න තිබුනා නම් ඒ ශක්තියෙන් මේ නාකින් පුපුරා යන්න ඉඩ තියෙනවා)

සෙක්ස් කියන්නෙ එහෙම දෙයක්. ජීවිතේ අන්තිම කාලෙදි අවශ්‍යම නමුත් වැඩියෙන්ම මගහැරෙන දෙයක්.’ 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: