hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 අප්‍රේල් 11, පෙ.ව. 3:01



අපේ කලා ලෝකය තුළ ඉන්න ඒ වගේම සිනමා නිර්මාණයන් රැසක් හරහා අපට දැක බලා ගන්නත් අවස්ථාව ලැබුණොත් ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි අමරසිරි කලංසූරිය මහතා.

එතුමා ගැන කතා කරද්දී එතුමා දශක ගණනාවක් තිස්සේ සිංහල සිනමාවත් එක්ක අත්වැල් බැඳගෙන හිටපු විශිෂ්ට සිනමා නළුවෙක්.

මහලොකුවට විලාසිතා නැති හරිම සරල විදියට සාමාන්‍ය විදිහට ඇඳපු ඔහු ජීවිතයේ සැදෑ කාලය ඉතා සතුටින් ගත කරලා අපි හිතුවෙවත් නැති මොහොතක  පසුගිය දවසක ජීවිතයෙන් සමුගත්තා.

මේ වියෝව නිසා ගොඩක් දෙනෙක් එතුමා වෙනුවෙන් විවිධ සටහන් සමාජ මාධ්‍ය පුරාවටම එකතු කරන්නත් අමතක කරේ නැහැ.

එච්.ඩී.ප්‍රේමරත්න ‘අපේක්ෂා‘ චිත්‍රපටයෙන් සිනමාවට හඳුන්වා දුන් දඟකාර පෙම්වතා අමරසිරි කලංසූරිය.

චිත්‍රපටයෙන් පසු සමීප මිතුරෙක් බවට පත්වූ කලංගේ වියෝව මාලිනීට දරාගත නොහැකි වේදනාවකි.

ඇය ඔහු ගැන මතකය අවදි කළේ මෙලෙසයි,

“රඟපාන්න ගියාම එයාගේ තියෙනවනේ පොඩි සබකෝල ගතියක්. ඒක එයාගේ විදිහ. ගෑණු ළමයෙක් එක්ක සමීපව ඇසුරු කරන විදිහ, හැසිරෙන විදිහ, ආදරේ ප්‍රකාශ කරන විදිහ, බලන බැල්ම, හිනාව, කතා කරන ශෛලිය හරි වෙනස්. ඒ විදිහ රඟපාපු චරිතවලට ආදේශ වුණා. හිතන්න බලන්න, මේ විදිහේ කෙනෙක් අපේ සිනමාවේ හිටියද කියලා. දැන් ඉන්නවද, අමරසිරි කලංසූරිය වගේ කිසිම කෙනෙක් සිනමාවේ නැහැනේ.

මගේ අතින් අල්ලන්න තිබුණු දර්ශනවලදිත් හරියට පැකිලෙනවා. ඉතින් මම බලහත්කාරයෙන් එයාගේ අතින් අල්ලනවා. ‘කමක් නැහැ හරි හරි මෙහෙම කරමු’ කියල මම කියනවා. එච්. ඩී. ප්‍රේමරත්න කෑ ගහනවා ‘මචං කරපංකො බං’ කියලා. ‘හරි හරි කැමරා එක ඔන් කරන්න ටේක් එකේදී කරන්නං’ කියලා කලං කියනවා. ඒත් කරන්නේ නැහැ. මගේ ළඟට ඇවිත් නිකං ඉන්නවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: