hit counter

2026 ජනවාරි මස 16 වන සිකුරාදා

2023 ජූනි 25, ප.ව. 1:50



අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ සංවේදී ජනක අවස්ථාවක් පසුගියදා දක්නට ලැබුණා.

ජීව විද්‍යා අංශයෙන් අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය ලැබූ අශාධී සහස්ශ්‍රීකා දිසානායක දියණිය ත්‍යාග ලබා ගැනීමට පැමිණ සිටියා.

පාසල තුළ කෙළිදෙලෙන් ගත කළ අශාධී දියණිය ත්‍යාග ලබා ගැනීමට නම් පසුගියදා පැමිණියේ එයාගෙම ආදරණීය අම්මගේ තාත්තගේ දෑතේ වාරුවෙන්.

වේදිකාව තුළ ඇයට හිමි කුසලතා සම්මාන ලබා ගැනීම සඳහා දෙමාපියන්ගේ වාරුවෙන් පැමිණෙමින් සිටි ඇය දුටු සැනින් ත්‍යාග ප්‍රධාන උත්සවයේ ප්‍රධාන ආරාධිකාව වූ රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ගිනිගද්දර මහත්මිය ඒ පිළිබඳව සංවේදීව ප්‍රේක්ෂකාගාරය තුළ ඇය වාඩි වී සිටි අසුනෙන් නැගිට එම දියණියට උපහාර එක් කිරීමට කටයුතු කළා.

ඒ සමඟ මුළු ප්‍රේක්ෂකාගාරයම අශාධී දියණිය වෙනුවෙන් නැගී සිට ඇයට උපහාර දැක්වීමට කටයුතු කළා.

එම අවස්ථාව ප්‍රේක්ෂකාගාරයේ සිටි සියලුම දෙනාගේ දෙනෙත් තෙත් කිරීමට සමත් සංවේදී දසුනක් බවට පත් වුණා.

වෛද්‍ය ශිෂ්‍යාවක් ලෙස ඉගෙන ගනිමින් සිටියදී නාන කාමරය තුළ ඇද වැටීම හරහා ඇය දීර්ඝ කාලයක් කෝමා තත්වයට පත්ව සිට ක්‍රමයෙන් මේ වන විට යථා තත්ත්වයට පත් වෙමින් සිටිනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: