2022 මැයි 11, පෙ.ව. 7:52
ජර්මන් ජාතික පවුලක් ජීවත් වූ මීගමුව ප්‍රදේශයේ පිහිටි නිවසක් කිසියම් පිරිසක් විසින් කොල්ල කා ගිනි තබනු ලැබ ඇතැයි වාර්තා වෙනවා.
එම නිවසේ ජීවත් වූ ජර්මන් ජාතික කාන්තාව සදහන් කර සිටියේ මෙම සිද්ධියෙන් තම නිවසේ සියලු බඩු මුට්ටු සහ ඇඳුම් පැළදුම් මෙන්ම දරු දෙදෙනාගේ පොත්පත් ද විනාශ වී ඇති බවයි.
තමන් මෙරට ඡන්ද හිමි අයවලුන් නොවන අතර කිසිදු දේශපාලන පක්ෂයකට වැඩ නොකළ බවත්, නිවෙසට ගිනි තබා බඩුමුට්ටු කොල්ලකෑම සිදුකළේ කුමන පදනමක් මත දැයි තමන්ට ගැටලුවක් බවත් එම ජර්මන් ජාතික කාන්තාව සදහන් කළා.
තම දරුවන් දෙදෙනා මේ වන විට අඩා වැටෙන්නේ ඔවුන්ගේ පොත්පත් ඉල්ලමින් බවත්, තම දරුවන්ගේ මෙන්ම තමන්ගේ යට ඇදුම්පවා රැගෙන ගොස් ඇති මොවුන් සිදුකර ඇත්තේ අරගලයක් දැයි ඔවුන් ප්‍රශ්න කළා.
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:15
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 24, ප.ව. 3:45
2026 අප්‍රේල් 24, පෙ.ව. 10:06