hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 18, පෙ.ව. 8:03



ලොව මෙතෙක් බිහිවූ විශිෂ්ටතම විද්‍යඥයින් දෙදෙනෙකු ලෙස සැලකෙන ඇල්බර්ට් අයින්ස්ටයින් සහ ස්ටීවන් හෝකින්ස්ගේ IQ මට්ටම ඉක්මවා ගිය ශ්‍රී ලාංකික සම්භවයක් සහිත දැරියක පිළිබඳව එක්සත් රාජධානියෙන් වාර්තා වනවා.

10 හැවිරිදි පාසල් දැරියක් වන ඇය නමින් අරියානා හීමාල් ධර්මසේන වන අතර ඇයගේ අනාගත අපේක්ෂාව වී ඇත්තේ, ප්‍රසිද්ධ විද්‍යාඥවරියක බවට පත්වීමයි.

ඇයට ඒ වෙනුවෙන් පිරිනමා ඇති සහතික පත්‍රයේ දැක්වෙන් පරිදි Mensa බුද්ධි පරීක්ෂණයෙන් ඇය ලකුණු 162ක් හිමිකරගෙන ඇති අතර, එය “genius” මට්ටම ලෙස හඳුන්වා තිබෙනවා.

මෙම දක්ෂතාව හේතුවෙන් ඇයට මෙන්සා උසස් බුද්ධි සමාජයේ සාමාජිකත්වය ද පිරිනමා ඇති බවයි BBC පුවත් සේවය ද සඳහන් කර තිබුණේ.

ඇල්බර්ට් අයින්ස්ටයින් සහ ස්ටීවන් හෝකින්ස්ගේ බුද්ධි මට්ටම 160ක් ලෙස ඇස්තමේන්තුකර ඇති හෙයින් ඇයගේ බුද්ධි මට්ටම ඔවුන්ගේ මට්ටම ඉක්මවා යාමක් බවයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

අරියානා දැරියගේ මවුපියන් වන ජානක දඹරව හේවගේ සහ මේකලා පෙරේරා බ්‍රිතාන්‍යයේ හඩර්ස්ෆීල්ඩ්හි පදිංචිවී සිටින්නන්.

2012 වසරේ දී බ්‍රිතාන්‍යයේ උපත ලැබූ අරියානාගේ මවුපියන් ශ්‍රී ලංකාවේ මාතලේ ප්‍රදේශයේ පදිංචි වී සිට ඇති අතර, 2009 වසරේ දී බ්‍රිතාන්‍යයේ පදිංචියට ගොස් ඇති බවයි BBC පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: