2023 ජූනි 21, පෙ.ව. 10:13
රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු දෙකහමාරක දරුවෙකු පසුගිය 25 වනදා හදිසියේ මියගොස් තිබුණා.
ඒ, පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ශික්ෂණ ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අරූෂ අශ්විද වෙල්ගම නමැති දරුවෙක්.
දිගන රජවැල්ල ප්‍රදේශයේ පදිංචි මෙම දරුවා පසුගිය 22 වනදා රෝහලට ඇතුළත් කර තිබුණේ පාදයේ අස්ථියක සැත්කමක් සිදුකිරීම සඳහායි.
කෙසේවෙතත් පැය 06ක සැත්කමකින් පසු දරුවා දැඩි සත්කාර ඒකකයට යොමුකළ බවත් ඉකුත් 25 වනිදා දරුවා මියගිය බවත් දරුවාගේ මව්පියන් පවසනවා.
දරුවාට ලබා දුන් බව කියන ප්‍රමිතියෙන් තොර නිර්වින්දන ඖෂධයක් මරණයට හේතු වන්නට ඇතැයි සැකකරන බව ද ඔවූහු කියා සිටිනවා.
දරුවාගේ මව වන නිදර්ශනී ලක්මාලි මහත්මිය මෙසේ පැවසුවා.
“මගේ දරුවාට කිසිම ලෙඩක් තිබුණේ නැහැ. පාදයේ ආබාධය විතරයි තිබුණේ. පැය හයහමාරක ඔපරේෂන් එකකට පස්සෙ දරුවා ට්‍රොලියක දාගෙන ආවා. අයි.සී.යූ. එකේ හිටපු මැඩම් කෙනෙක් කිව්වා දරුවාට ටිකක් අසාධ්‍යයි, දරුවා අයි.සී.යූ. එකට දානවා, කලබල වෙන්න එපා කියලා. දරුවා ගොඩක් ඉදිමිලා වතුර පිරිලා වගේ තිබුණා. සේලයින් යන්නේ නැහැ. මුත්‍රා යන්නේ නැහැ. දරුවාගේ බඩේ වතුර පිරිලා. ඇයි ඩොක්ටර් මෙහෙම වුණේ කියලා මම සර්ලගෙන් ඇහුවා. එහිදී ඔවුන් හොස්පිට්ල්වලට එන්නේ බාල නිර්වින්දන බෙහෙත්, අපට කරන්න දෙයක් නැහැ, අපිට ගෙනත් දෙන ඒවා භාවිතයට ගන්නවා කිව්වා.”
2026 මැයි 01, පෙ.ව. 12:10
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:19
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 29, පෙ.ව. 12:11
2026 අප්‍රේල් 28, ප.ව. 12:01
01-05-26
01-05-26
01-05-26
01-05-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26