2023 ජූලි 20, පෙ.ව. 2:31
පසුගිය දිනවල මංගලෝත්සවයක ඡායාරූප පළ කරමින් එය තමන්ගේ පුතාගේ බවට කර තිබූ ප්‍රකාශයන් සම්පූර්ණ අසත්‍යයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා කතානායකවරයාට පැමිණීල්ලක් ඉදිරිපත් කරමින් කියා සිටියා.
තම පුතා තවම අවිවාහක බව කී අබේගුණවර්ධන මේ පසුපස ජවිපෙ ක්‍රියාකාරීන් සිටින බවද පෙන්වා දුන්නා.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දක්වා සිටියා.
“ගරු කතානායකතුමනි පසුගිය දින කීපය තුළ සමාජ මාධ්‍ය ජාලාවල සහ වෙබ් අඩවිවල සහ අනෙකුත් ප්‍රවෘත්ති ජාලයන්වල මාගේ එකම පුතනුවන්වන අයේෂ් අබේගුණවර්ධනගේ විවාහ මංගල්‍යය කියලා උත්සවයක් උපුටාගනිමින් විශාල රථ පෙළ පාලියක් සහිත ඡායාරූප සහ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදාහැරලා තියෙනවා. මගේ පුතා නීතිවේදී ශිෂයෙක් ලෙස ඉගෙන ගන්න තාම අවුරුදු 20ක තරුණයෙක්.
මගේ පුතා විවාහ වෙලත් නැහැ. මට ඉන්නෙ එක පුතයි. මේක අද මට වෙලා හෙට විපක්ෂයේ කෙනෙක්ට වෙන්න පුළුවන්. ඒ නිසා මේ සම්බන්ධයෙ නීතිය ක්‍රියාත්මක කරන්න කියලා කියනවා. මේ දේවල් පළ කරලා තියෙන්නේ ජනතා විමුක්ති පෙරෙමුනේ සාමාජිකයින්… ඔවුන්ගේ නම් ගම් විස්තර සියල්ල මගේ ලඟ තියෙනවා”
2025 පෙබරවාරි 14, පෙ.ව. 12:08
2025 පෙබරවාරි 13, පෙ.ව. 12:12
2025 පෙබරවාරි 12, පෙ.ව. 12:03
2025 පෙබරවාරි 11, පෙ.ව. 12:26
2025 පෙබරවාරි 10, පෙ.ව. 12:08
15-02-25
15-02-25
15-02-25
15-02-25
15-02-25
15-02-25
15-02-25
15-02-25
15-02-25
15-02-25
15-02-25
15-02-25
14-02-25
14-02-25
14-02-25
14-02-25
14-02-25
14-02-25
13-02-25
13-02-25
13-02-25
13-02-25
13-02-25
13-02-25