hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 10, ප.ව. 12:32



බෝධිසත්ව ජානක නම් පුද්ගලයා ප්‍රතිකාර කිරීමට රෝග සම්බන්ධයෙන් සහ ප්‍රශ්න සම්බන්ධයෙන් සහන ලබා දීම සිදු කරනු ලබන්නේ පෝලිම් ක්‍රමයටයි.

ඒ අනුව දරුඵල ලබා ගැනීම සඳහා වෙනමම පෝලිමක් ද එහි ඇති බව වාර්තා වෙනවා.

ඒ සඳහා පැමිණෙන සමහර කාන්තාවන් සැමියා සමඟ සහ මව හෝ තම ඥාතියෙකු සමඟ පැමිණෙනවා.

පසුගිය සතිඅන්ත පුවත්පතක පොතුහැර බෝධිසත්ව ජානක පිළිබඳව කළ ගවේෂණාත්මක වර්තාවක දැක්වෙන්නේ දරුඵල නැති කාන්තාවන්ට දරු ඵල ලබා දෙන බවට පවසා රහස් ප්‍රදේශයේ තෙල් සත්කාර සිදු කිරීමයි.

ඒ අනුව ඔහුගේ පොතුහැර පිහිටි මෙම ස්ථානයට පැමිණ සිටි කාන්තාවක් සමඟ සිටි සැමියෙක් සමඟ කළ කතාබහකදී ඔහු මේ ආකාරයෙන් පිළිතුරු ලබා දී තිබුණා.

“අපි බැඳලා අවුරුදු 10ක්. තවම ළමයි නැහැ. ලංකාවේ ඉන්න හොඳම වෛද්‍යවරු මුණ ගැහුණා. ඒත් හරි ගියේ නැහැ. මේ පුද්ගලයා දරුඵල දෙන බව ආරංචි වුණා.මට කිව්වේ මගේ යාලුවෙක්.”

දරුඵල ලබා දෙන බව පවසන ජානක සේනාධිපති නැමැත්තා එලෙස පැමිණෙන කතුන් සමඟ පැමිණෙන සැමියන් සහ භාරකරුවන් යැයි කියන පුද්ගලයන්ට බෝධිසත්ව යැයි කියා ගන්නා ජානකගේ කාමරයට ඇතුළු වීමට කිසිදු අවසරයක් නැහැ.

ඒ අනුව එම කාමරය ඇතුළට ගන්නේ දරුඵල නොමැති කාන්තාවන් පමණයි.

ඉන් අනතුරුව කළ සොයා බැලීමකදී ඉහත පිළිතුරු දුන් එම සැමියාගේ බිරිඳ එලෙස කාමරයට ගොස් මද වෙලාවකින් පිටතට පැමිණි ආකාරය පිළිබඳ විමසා සිටියද ප්‍රතිචාරයක් නොදක්වා මුහුණ අමුතු කරගෙන ලැජ්ජාවෙන් පිටතට පැමිණි බව එම වාර්තාවේ සඳහන් වෙනවා.

මේ පිළිබඳව ගවේෂණාත්මකව කළ මාධ්‍ය වාර්තාවේ දැක්වෙන්නේ ඉන්පසු එම මාධ්‍යවේදීන් විසින් එම සැමියාගේ ජංගම දුරකථන අංකය ලබා ගෙන පසු දිනක ඔහුට කතා කර ඇති බවයි.

“දරුඵල දෙන්න කියලා ඇතුළට අරගෙන ගවුම උස්සන්න කියලා රහස් පැත්තේ තෙල් ගානවා. ඒ විතරක් නෙවෙයි පපුවත් මිරිකලා එතනත් තෙල් ගෑවා. මම ආවේ සරණක් බලාගෙන. ඒත් මට වුණේ කාටවත් කියන්න පුළුවන් දේවල් නෙවෙයි. ආව මෝඩකම.” මෙලෙස ප්‍රකාශ කර ඇත්තේ බෝධිසත්ව යැයි කියා ගන්නා ජානකගේ කාමරයට ගොස් එළියට පැමිණි කාන්තාවක් විසින්.

පසුව මාධ්‍යවේදියා විසින් කාන්තාවගේ ස්වාමිපුරුෂයාට දුරකථන ඇමතුමක් ලබා දී ඔහුගෙන් කාන්තාව නිවසට ගොස් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් විමසා තිබෙනවා.

ඔහු මාදම්පේ ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන අතර ඔහුගේ නම හෙළි කිරීමට ද අකමැති වී තිබෙනවා.

ඔහු මෙලෙස සඳහන් කර තිබුණා.

“බිරිඳගේ රහස් ප්‍රදේශයේ තෙල් වගයක් ගලවලා තියෙනවා. පපුවත් අත ගාලා තියෙනවා. මම දැන් දන්නේ. බිරිඳ මට ඒ වෙලාවේ කිව්වේ නැත්තේ මම රණ්ඩුවට පැටලෙයි කියලා. මට හරිම කේන්තියි.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: