hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2022 නොවැම්‍බර් 03, පෙ.ව. 8:39



ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ කාර්යාලයක් පවත්වාගෙන යමින් දැවැන්ත මූල්‍ය වංචාවක නිරත වූ තිළිණි ප්‍රියමාලිට කෝටිපතියන් රවටා මුදල් ගරා ගැනීමට ආධාර හා අනුබල දුන්නේ යැයි කියන බොරැල්ලේ සිරි සුමන නමැති භික්ෂුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

කඩවත වෑබඩ අරහත්තක සමාධි ආරණ්‍ය නමැති විහාරස්ථානයේ වැඩවාසය කරන මේ භික්ෂුව පෙනී සිටින්නේ මාර්ගඵල ලැබූ රහත් භික්ෂුවක් ලෙසින්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ විමර්ශනවලදී හෙළිවී ඇත්තේ අදාළ හිමිනම විශේෂ ජංගම දුරකථන යෙදවුමක් හරහා තිළිණි ප්‍රියමාලි සමඟ දුරකථන සබදතා පවත්වා ඇති බවයි.

එම ඇමතුම් පැය විසි හතරක් ඇතුළත මැකී යන ලෙස සකස් කර තිබූ බවද හෙළිවී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: