hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2024 නොවැම්‍බර් 10, පෙ.ව. 12:02



අම්මලා තාත්තලාගේ ලොකුම සහ එකම ප්‍රාර්ථනාව වෙන්නෙ, තමන්ගෙ දරුවො ලෝකෙම දිනනවා දකින එක.

ඒ වෙනුවෙන් තමන්ට කළ හැකි ඕනෑම දෙයක් කරන්න ඔවුන් දෙපාරක් හිතන්නෙ නෑ.

තමන්ගෙ දරුවො ටික ටික ලොකු වෙලා ජීවිතේ දිනන හැටි බලාගෙන ඉන්න එක, ඒ හිත්වල තියෙන අහිංසකම බලාපොරොත්තුවක්.

නමුදු අවාසනාව කියන්නෙ දරුවො ජීවිතේ දිනනකොට බොහෝමයක් දෙමාපියන් සෑහෙන්න වයෝවෘද්ධයි. නැත්නම් ඔවුන් ලෙඩ ඇඳට සීමා වෙලා.

ඒ අතරිනුත් ඛේදනීයම කතාව නම්, එහෙම හයියක් වුණු අම්මා තාත්තා දරුවො දිනන ලස්සන නොදැකම යළි නේන්නම යන්න යන එක.

සමහරවිට එහෙම යන්න යන්නෙ, ලස්සන හීනයක් ඇහැරෙන්න ඔන්න මෙන්න තියද්දි.

එවන් කතාවක් ගැන මේ මොහොත වෙද්දිත් සමාජ මාධ්‍ය පුරාම සංවේදී සටහන්, සේයා රූ සහ වීඩියෝපට හුවමාරු වෙනවා.

කතාව ඇහෙන්නෙ, මීරිගම ප්‍රදේශයෙන්.

තමන්ගෙ පුත්‍රයා සිය උපාධි සිහිනය හැබෑවක් කරගෙන නිවසට එන්නෙ, අම්මාගේ නිසල දේහය නිවසේ තැන්පත්කර තිබියදී.

පුතා දිනන ලස්සන බලන්න සැරසිලා යන්න උන්නු සාරිය, තමන්ගෙ අවසන් ගමනට අඳින්න වන විත්තිය හීනෙකින්වත් ඒ අම්මට නොහිතෙන්න ඇති.

”අද මගෙ ලොකු පුතාගේ උපාධි ප්‍රධානෝත්සවය.

උපාධි උත්සවයට යන්න හිටපු මගෙ ලොකු අක්කා අද නිහඩව ඉන්නවා. ලෑස්ති කරගත්ත ඒ සාරියත් ඇදගෙන.

ඉක්මනින් උපාධිය අරන් එන්න ලොක්කෝ.

මාමගේ හීනේ හැබෑ කළාට ගොඩක් පින් පුතේ.

හෝල් එකේ අම්මා කෙහේ හරි බලන් ඇති…”

අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙම මරණය සිදුව ඇත්තේ, පුතුගේ උපාධි ප්‍රධානෝත්සවය පැවති දිනයට පෙර බව සඳහන්.

ඉතින් අම්මත් එක්ක ම ගිහින් සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් සම්පූර්ණ කළ උපාධිය අරන් එන්න උන්නු ඒ ආදරණීය පුතා, අවසන සිය උපාධිය මෙලෙස මවගේ නිසල දේහය මත තබා සැනසී තිබුණා….





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: