hit counter

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2022 ජූනි 28, පෙ.ව. 9:04



මේ දවස්වල මිනිස්සු ජිවත් වෙන්නේ බොහෝ තාඩන, පීඩන මැද.

සමහර මිනිස්සුන්ට රස්සාවල් අහිමි වෙලා.

පවුලේ කිහිප දෙනෙක් පෝලිම්වල.

ගෑස් නැති නිසා කන්න විදියක් නැහැ.

තෙල් නැති නිසා රස්සාවට යන්න විදියක් නැහැ.

පොඩි දරුවන්ට දෙන්න කිරිපිටි ටික නැහැ.

එවන් පසුබිමක ඉන්ධන ලබා දෙන එකත් සීමා කරලා තියෙනවා.

එතකොට පෝලිම් වල ඉන්න ජනතාවට හුළං තමයි.

දැන් බස් ධාවනයත් අඩු වෙලා තියෙන්නේ.

සමහරු බස් වල යන්නේ එල්ලිලා.

එතකොට ජිවිත අවධානම කොහොමද කියලා හිතා ගන්නත් අමාරුයි.

සෙනඟ පිරීම නිසා, බස් රථයක පිටතට නිරාවරණය වූ තැන්වල ද එල්ලී මිනිසුන් ගමන් කරන වීඩියෝවක් මේ දවස්වල සමාජ මාධ්‍යය තුළ සංසරණය වනවා.

එම බස් රථය කුරුණෑගල – නුවර රාත්‍රී 8 ලංගම බස් රථය බවයි වාර්තා වන්නේ.

https://streamable.com/7qxxgo