hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 ජූලි 21, ප.ව. 2:10



යාපනය විශ්වවිද්‍යාලයේ ඊයේ (20) පැවති උපාධි ප්‍රධානෝත්සවයකදී උපාධි සහතිකය ලබා ගැනීමට පැමිණි මවකගේ හඬා වැටීම හේතුවෙන් සභාවේ සියල්ලන්ම හැඟීම්බර වූ සිදුවීමක් වාර්තා වෙනවා.

යාපනය විශ්වවිද්‍යාලයේ එවකට වව්නියාව මණ්ඩපයේ (වර්තමානයේ වව්නියාව විශ්වවිද්‍යාලය) ඉගෙනුම ලැබූ දිසානායක මුදියංසේලාගේ හසාන් සාගර දිසානායක යන සිසුවාගේ උපාධි සහතිකය ලබා ගැනීමට පැමිණි සිසුවාගේ මව සහතිකය ලබා ගන්නා අවස්ථාවේදී මෙලෙස හඩා වැටීම හේතුවෙන් රැස්ව සිටි සියලු දෙනාට එය මහත් සංවේදි අවස්ථාවක් වුණා.

ඊට හේතුව තිබුනේ හසාන් සාගර දිසානායක සිසුවා මෙම උපාධි ව්‍යවහාරික ගණිතය සහ පරිඝනක පිළිබඳව විද්‍යාවේදී උපාධිය සඳහා පෙනී සිට විභාගයන්ටද මුහුණ දීමෙන් අනතුරුව අනුරාධපුර මැදවච්චිය ප්‍රදේශයේදී යතුරුපැදි අනතුරකට ලක්ව මියගොස් තිබීමයි.

කෙසේ වෙතත් ඊයේ දින පැවති උපාධි ප්‍රධානෝත්සයේදී උපාධි සහතිකය ලබා ගැනීම සඳහා සිසුවාගේ මවට වේදිකාවට පැමිණෙන ලෙසට යාපනය විශ්වවිදයාලයේ කුලපති මහාචාර්ය සී.පද්මනාදන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවතුණා.

උපාධි ප්‍රධානොත්සවයේ යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති ශ්‍රී සද්ගුණරාජා මහතා විසින් නිවේදනය කිරීමෙන් පසුව මව හඩාවැටෙමින් සිය පුතුගේ උපාධි සහතිකය ලබාගත් අවස්ථාවේදී මහාචාර්ය වරුන්ද මහත් සංවේදී අවස්ථාවකට මුහුණ පෑවා.

එමෙන්ම සිසුවාගේ මිතුරු සිසු සිසුවියන්ද හඩාවැටෙමින් උපාධි සහතිකය ලබාගත් මව වේදිකාවෙන් රැගෙන යාමට කටයුතු කිරීමද සංවේදී අවස්ථාවක් වුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: