hit counter

2026 ජනවාරි මස 09 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 23, ප.ව. 1:58



දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහට ඉක්මන් සුව පතා ආශිර්වාද බෝධි පුජාවක් ඊයේ පස්වරුවේ පැවැත්වුණා.

ඒ බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ දී.

පසුගිය 17 වනදා පස්වරුවේ චාමර වීරසිංහ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කෙරුණේ ඇති වු ශ්වසන ආබාධයක් හේතුවෙන්.

පසුව එදින පස්වරුවේ ඔහුව දැඩිසත්කාර ඒකකයට යොමු කෙරුණා.

මේ වන විට ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

චාමර හා වේදිකාවට නැඟි, මචානෝ නායක ඉඳුනිල් අන්ද්‍රමානද සිය සමාජ මාධ්‍ය ගිණුමට සංවේදී සටහනක් එක් කොට තිබුණා.

හිටපන් මචන්ලා මං ඉක්මනටම එනවා

මට ඇස් වහ , කට වහා දෝස වැදෙන මිනිහෙක් නෙවෙයි.

එහෙම වැදෙනවනම් මට ඒ කාලේ ඉඳලා මේ ලැබුණු

ප්‍රතිචාර වලට , ආදරයට , උමතුවට ඒවා වදින්න තිබුණා.

නෑ නෑ මවංලා , උඹලගේ ආශිර්වාදය , ආදරය ,

හැම දේකටම වඩා ශක්තියයි , මහා බලගතුයි

ඒ නිසා ඒ ආදරයෙන් මම ගොඩාක්ම ආරකෂිතයි

හැබැයි එක ඉල්ලීමක් අනේ උඔලගෙන් මං ඉල්ලනවා ,

මම ආවට පස්සේ ඇත්තටම උඹල මට ආදරේ නම් ,

මාව මලක් වගේ , ඇස් දෙක වගේ බලා ගනිල්ලා.

මට වැරදෙන හැම තැනක්ම මට පෙන්නල දීලා ,

කුමන හේතුවක් මත මම හෝ මගේ කවුරුන් හෝ

නිවැරදි ක්‍රම වේදයකට අකමැතිවුනත් , උඔලාවත්

පරිස්සමින් ඒ ආදරෙන් මාව පන වගේ රැකගනිල්ලා

මට ඇත්තටම ආදරේ කරන එවුන්ට ඕන්න මම බාරයි

සරලයි එච්චරයි





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: