hit counter

2025 අප්‍රේල් මස 07 වන සඳුදා

2025 පෙබරවාරි 13, පෙ.ව. 12:12



ජනප්‍රිය ගායක චාමර වීරසිංහ තමාට ඇති වූ දැඩි සිත් රිදවීමක් පිළිබඳව සමාජ මාධ්‍ය වෙත සටහනක් එක්කර තිබෙනවා.

ඔහු එම සටහන තබා ඇත්තේ, 11 වනදා ඇහැලියගොඩ පැවති ප්‍රසංගයක් අතරතුර වූ සිදුවීමක් පිළිබඳව සඳහන් කරමින්.

එම සම්පූර්ණ සටහන පහතින්,

”මේ වගේ සටහනක් දාන්න මට සිද්ද වෙයි කියලා මම හිතුවෙ නෑ.
ඊයේ දවසේ ඇහැලියගොඩ තිබුන ප්‍රසංගය වෙලාවෙ ඇහැලියගොඩ සමහර මිනිස්සු හැසිරුන විදිය මගේ මේ සංගීත ජීවිතේම මම දැකල නෑ.
මගේ අසනීප තත්වය සම්පූර්ණ සුවවී නැතිව තියෙද්දිත් ආදරණීය රසික ඔබව සතුටු කරන්න අදටත් වේදිකවට එනවා..
අනික මේක මගේ රැකියාව.
හැම දෙයක්ම සමබර කරගෙන ඔබ වෙනුවෙන් ඔබව සතුටු කරන්නට එද්දි ඒ එන හැම කෙනා එක්කම මට පින්තූර ගන්න බැරි වෙයි..
ඒක ඔයාලගේ ආසව ආදරය..
එත් ආදරණීය ඔබ හැම දෙනාම මාව තේරුම් ගනී කියල හිතනව.
මම එදා ඉඳල අද වෙන්කන් පුලුවන් හැම වෙලාවකට කාගෙ හරි හිතක් සතුටු කලා මිසක් වෙනයම් කිසිම රිදවීමක් කරලනෑ..
කලකිරීම උපරිමයෙන් තිබුන දවසක් ඒ වගේ දවසක් අයෙ හමු නොවේවා කියල මම ප්‍රාර්ථනා කරනව..
දිගින් දිගටම මේ විදියට වෙන බව දැනුන දවසට මම සංගීත ගමනට සමුදෙනව.. ඒ අනිවාර්යයෙක්.
මට හදවතින්ම ආදරය කරන මාව රැක ගන්න උත්සහ දරන, මම වෙනුවෙන් ඉන්න මගේ ආදරණීය රසික හැම දේනාමට ස්තුතියි.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: