hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 ජූලි 15, ප.ව. 7:35



උදරාබාධයක් හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලට 11 වනදා ඇතුළත් කරන ලද 21 හැවිරිදි තරුණියක එන්නතක් ලබා දී සුළු වේලාවකට පසු මියගොස් තිබෙනවා.

මියගොස් ඇත්තේ පොත්තපිටිය අලගල්ල ප්‍රදේශයේ පදිංචි චමෝදි සංදීපනි මධුෂිකා ජයරත්න නමැති තරුණියක්.

උදරාබාධය හේතුවෙන් පසුගිය 10 වැනිදා කැටපිටිය රෝහලට ඇතුළත් කළ තරුණිය පසුදින ගිලන් රථයකින් ඇගේ මව සමග පේරාදෙණිය රෝහලට මාරු කර එවා තිබෙනවා.

හදිසි ප්‍රතිකාර ඒකකයට පෙරවරු 9.00ට පමණ ඇතුළත් කළ තරුණිය දහවල් 12.30 ට පමණ හතේ වාට්ටුවට යොමුකර තිබෙනවා.

එහි ප්‍රතිකාර ලබමින් සිටිය දී හෙදියක විසින් එන්නත් දෙකක් ලබා දීමෙන් පසු තම දරුවා එක් වරම නිල් පැහැ වී මරණයට පත් වූ බව තරුණියගේ මව වන මායා ඉන්ද්‍රානි මහත්මිය පැවසුවා.

ඇය විසින් අවසන් වරට ලබා ගත් ජායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය වෙත මෙලෙස මුදා හැර තිබෙනවා.

“ඔයාට මෙහෙම දෙයක් වෙයි කියලා හිතුවෙ නෑ, එක ඇහුවා විතරයි මට ඇඩුනා.” මේ සටහන තබා තිබුනේ ඡායාරූප ශිල්පියෙක්.

පසුගියදා පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී මිය ගිය චමෝදි සන්දීපනී රෝහල් ගත වන්නට පෙර මේ තරුණයා සමඟින් අපූරූ ෆොටෝ ශුට් එකක් කරන්නටයි බලාගෙන ඉඳලා තියෙන්නෙ.

ටැමිල් ෆොටෝශූට් එකක් කරන්න ආසාවෙන් ඉඳපු චමෝදිගේ මේ නොහිතපු සමුගැනීම ඔහුටත් දරාගත නොහැකි වේදනාවක් බවට පත් වෙලා.

හරි අපූරු මිත්‍රශීලි තරුණියක වුන චමෝදි රෝහල් ගතව ඉන්න අවස්ථාවේ පවා ඔවුන් සූදානම් කරගෙන හිටපු මේ ෆොටෝශූට් එක ගැන අදහස් බෙදාගෙන තිබුනා.






ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: