hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ජූලි 13, ප.ව. 2:19



චමෝදි සංදීපනී  කියන නමට වඩා ඔබට හොඳට හුරු පුරුදු ඒ රුව.

මුහුණුපොත පුරාවට දකින්න ලැබෙන්නේ ඇයව.

ගොඩක් දෙනෙක් ඇයට නිවන් සුව පතන්නේ හිතේ මහ ලොකු වේදනාවක් දරාගෙනයි.

ඇයගේ රුව ගැන ගොඩක් දෙනෙක් කතා කරනවා වගේම ඇයට සිදු වුණ මේ අවාසනාවන්ත ඉරණම ගැන ගොඩක් දෙනෙක් කම්පනයට පත් වෙලා.

උදරාබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට පේරාදෙණිය රෝහලට පැමිණි 21 හැවිරිදි ඇයට එන්නත් දෙකක් ලබා දීමෙන් පසු මියගිය බවට ඇයගේ මව චෝදනා කරනවා.

මිය ගිය චමෝදි සංදීපනීගේ හොදම යෙහෙළිය ඇය සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වා සිටියා,

“මගේ ඉස්කෝලේ මාත් එක්ක එකටම හිටපු මගේ හොදම යාළුවා තමයි නැති වෙලා තියෙන්නේ. එයා මාරම හොඳ යාළුවෙක්. එයා ගැන කියන්න වචන නෑ. මාරම ළඟින් හිටියා අපිත් එක්ක ගොඩාක් සතුටින්. ඉස්කෝලේ කාලේ මාරම සතුටින් අපි ගෙව්වා. ඒ ගැන කියන්න වචන නැහැ. ඒ තරම් හොඳම හොඳ යාලුවෙක්. අධ්‍යාපනයට වගේම ක්‍රීඩා වලටත් ගොඩක් දක්ෂයි. ක්‍රීඩා කරන කොට අපි හැමෝම එක් කරගෙන ගිහිල්ලා අපි හොඳට සතුටින් සෙල්ලම් කළා. ඒ සුන්දර මතක අපිට කවදාවත් අමතක කරන්න බැහැ. මම මීට සති දෙකකට කලින් තමයි එයාව අන්තිමට දැක්කේ. නුවර ටවුන් එකේදි දැක්කේ. ඒත් කතා කරන්න හම්බ උනේ නැහැ. කෝල් කරන්න හම්බුනේ නැහැ. මේක පෙරේදා රෑ දැනගත්තට පස්සේ හිතාගන්න බැහැ ගොඩක් දුක හිතුණා අපේ යාලුවා අපිව දාලා ගියා කියනකොට. මෙයාට කිසිම අසනීපයක් තිබ්බේ නැහැ මාරම ඇක්ටිව් ළමයෙක්. ඒ හින්ද විශ්වාසයෙන් කියන්න පුළුවන් එයාට කිසිම අසනීපයක් තිබ්බෙ නෑ. ඊයේ ගෙදර එන්න හිටපු ළමයා මේ විදියට එයි කියලා අපි හිතුවේ නැහැ කවදාවත්. ඒ හින්දා අපි කියන්නේ මේකට අපේ යාලුවා වෙනුවෙන් මම කියන්නේ සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න කියලා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: