hit counter

2026 ඔක්‍තෝබර් මස 27 වන අඟහරුවාදා

2025 මැයි 26, ප.ව. 6:57



අභාවප්‍රාප්ත හෙළයේ මහා නිළි රැජින මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳව අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකෙරුණා.

ඒ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශයේදී.

දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුකෙරුණු අතර ඒ සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, අමාත්‍යවරුන්, දේශපාලනඥයින්, කලාකරුවන් මෙන්ම විශාල පිරිසක් එක්ව සිටියා.

එම අවස්ථාවට පැමිණි පිරිසට සහ උදව් උපකාර කරමින් නන් අයුරින් කැප වූ පිරිස වෙනුවෙන් ස්තූති කතාව සිදු කරනු ලැබුවේ සමනලී ෆොන්සේකා විසිනි.

එම අවස්ථාවේදී ඇය කලාකරු චන්දික නානායක්කාර වෙත විශේෂ ස්තූතියක් පුද කරමින් සඳහන් කළේ “ඔයා හැමදාම දුන්න ආදරයට, සෙනෙහසට, රැකවරණයට අපේ මුළු පවුලේම ප්‍රණාමය” පුද කරන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: