hit counter

2026 අප්‍රේල් මස 21 වන අඟහරුවාදා

2026 අප්‍රේල් 22, පෙ.ව. 12:15



චන්දිමාල් නැමති පුද්ගලයෙකු පසුගිය දිනක අවුරුදු උත්සවයක් සංවිදානය කර ඇති අතර එහි පැවැත්වූ අවුරුදු ක්‍රීඩා ලිංගිකව විකුර්ති කර පවත්වා ඇත.

මෙහි සමහරක් ක්‍රීඩා කාන්තාව ”ලිංගික උපකරණයක් ” බවට පත් කර ඇති බව බොහෝ පිරිස් පවසනු ලබයි.

ඔහුගේ මෙම විකුර්ති මානසිකත්වය ඔහු සතුවම තබා ගන්නා ලෙසත් ඒවා ශ්‍රී ලංකාවේ ඉහලම සංස්කෘතික මංගල්‍ය වූ සිංහල අලුත් අවුරුද්දට ගෙන නොයෙන ලෙසත් බොහෝ පිරිස් දැඩි ලෙස අවදාරණය කර ඇත.

2023 අවුරුද්දෙ Ceylon Today පුවත්පතේ Public Indecency Threatens Social Fabric කියලා ලිපියක් පළ වෙනවා.
ඒ ලිපිය ආරම්භ වෙන්නෙ මෙහෙමයි.

“Public indecency is a societal menace that presents a challenge to maintaining public order and the culture and values of a nation. In Sri Lanka, a country well-known for its rich cultural heritage and traditions”

අපේ රට කියන්නෙ ඇත්තටම ඉතාමත් ඉහළ සංස්කෘතික වටිනාකම් තිබුණු ඒවාට ගරු කරපු රටක්.

හැබැයි අද වෙන කොට අපේ රටේ සංස්කෘතිය, අපේ හර පද්ධතිය මුළුමනින්ම විනාශ කරලා දාන Project එකක් රාජ්‍ය අනුග්‍රහය සහිතව ඉතාම නින්දිත දියට ක්‍රියාත්මක වෙනවා.

මේ විකෘතිය විසින් අද අපේ සමාජයේ කාන්තාව කියන එක මුළුමනින්ම ” ලිංගික උපකරණයක් ” බවට පරිවර්තනය කරලා තියෙනවා.

ඉතාම ඛේදවාචකය තමයි සමාජයේ අවධානය දිනා ගැනීම වෙනුවෙන් තමන් විසින්ම තමන්ව ලිංගික උපකරණයක් බවට පත් කරන තරුණියන් විශාල ප්‍රමාණයක් අද වෙන කොට සිටීම.

සමාජයේ මිනිස්සු දන්න කියන කෙනෙක් වීම වෙනුවෙන් ” ඕනෑම මිලක් ” ගෙවීමට සූදානම් තරුණියන් අද මේ සමාජයේ බිහිවෙලා තියෙනවා.

නොදැනුවත්වම අපේ සමාජයේ බොහෝ දෙනෙක් මේ Project එකේ ගොදුරක් වෙලා.

මට මේක ලියන්න හිතුණේ චන්දිමාල් ජයසිංහ නැමැති පුද්ගලයා විසින් සංවිධානය කරපු අමුතු තාලේ “අවුරුදු උත්සවයක ” Video කිහිපයක් දැකලා.

ඔහු මේ වැඩේ පටන් ගත්තේ ඔහුගේ උපන් දිනයට නිළියන් (2), නිරූපිකාවන් (2) වැනි කාන්තාවන් ගෙනල්ලා ඔවුන්ව නටවලා.

එහෙම පටන් ගත්ත වැඩේ අද ඔහු අපේ ඉහළම සංස්කෘතික මංගල්‍යය වුණු සිංහල අලුත් අවුරුද්දට අරගෙන ඇවිල්ලා තියෙනවා.

අද අවුරුදු කුමරියන් කියලා තෝරන්නේ අවුරුදු කුමරියද එහෙමත් නැත්තන් ” වෙනත් වැඩක් ” සඳහා පවත්වන සම්මුඛ පරීක්ෂණද කියලා හිතෙම තරමට අවුරුදු කුමරිය තරඟ ලිංගික තරඟ බවට පත් කරවලා.

ආඩම්බරයෙන් ලස්සනට ඇදගෙන ඇවිල්ලා ආයුබෝවන් කියපු කුමරියන් වෙනුවට බාගෙට ඇඳගෙන රාත්‍රී සමාජශාලා වල වැනි නර්ථනයන් ඉදිරිපත් කරන “ සැපයුම්කාරියන් ” දකින්නට ඇත.

මා මේ සටහන ලියන්නට හේතු වුණ අවුරුදු උත්සවය යන නමින් පැවැත් වූ වැඩසටහනක ඉතාම පහත් ආකාරයේ ළිංගික උද්වීපන සහිත ළිංගිකමය තරඟ ප්‍රසිද්ධියේ පැවැත්වෙනු දුටුවා.

ඒ video සමාජ මාධ්‍යයේ පළ කරලා තිබුණා.

සරම අස්සෙ දාගෙන දුවන තරඟ, බඩ උඩ බනිස් කෑමේ තරඟ වැනි දේවල් වලින් පෙන්වන්න උත්සහ කරන දේ පැහැදිළිය.
ප්‍රසිද්ධියේ අශෝභන ලෙස හැසිරීම අපේ රටේ නීතිය අනුව වරදකි.

මේ කියන ළිංගික උද්වීපන විකාර ක්‍රීඩා පැහැදිළිවම අශෝභන ක්‍රියා ගණයට පැහැදිළිවම වැටෙනවා යන්න මගේ අදහසයි.
ඒ අනුව එවැනි ක්‍රියාවන්හි නිරත වීම සහ එවැනි වැඩසටහනක් සංවිධානය කිරීම පැහැදිලිවම වරදකි.

මේ ළිංගික උද්වීපන ක්‍රීඩා තරඟ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ හැකි නීති සොයා ගැනීම වැඩි අමාරුවක් වෙන එකක් නැහැ.
යම් ආගමික කණ්ඩායමක, සංස්කෘතික කණ්ඩායමක හැඟීම් වලට තුවාල වෙන දේවල් කරන්න නීතියෙන් ඉඩක් නැත.

පැහැදිලිව චන්දිමාල් ජයසිංහ නම් තැනැත්තා විශේෂයෙන්ම සිංහල බෞද්ධයන් මහා ඉහළින් සමරන සිංහල අලුත් අවුරුද්ද අවමානයට, අපහාසයට ලක් කරලා තියෙනවා.

මේක මේ විදියට ගියොත් අපේ රටේ ලැජ්ජාවක් බයක් කියලා දෙයක්, සංස්කෘතියක් කියලා දෙයක් ඉතුරු වෙන්නෙ නෑ.

ඒ නිසාම චන්දිමාල් ජයසිංහ නම් තැනැත්තා වහාම අත්අඩංගුවට ගත යුතුය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: