hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:32



හක්මන බුද්ධ ජයන්ති ප්‍රාථමික විදුහලේ වහලය අබලන් වීමෙන් වැසි දිනවලදී කුඩ ඉහලාගෙන දරුවන්ට ඉගෙන ගැනීමට සිදුව තිබෙනවා.

බුද්ධ ජයන්ති ප්‍රාථමික විදුහල පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන අතර  දරුවන් පන්සියයකට වැඩි පිරිසක් ඉගෙනුම ලබනවා.

වැසි දිනවලදි පාසල් භූමිය සම්පුර්ණයෙන් ජලයෙන් යට වන අතර එක් ගොඩනැගිල්ලක වහලය අබලන් වීම හේතුවෙන්  එහි ඇති පන්ති කාමර වැසි දිනවලට තෙමේ. මෙය දරුවන්ගේ  ඉගෙනීම් කටයුතු වලට දැඩි බාධාවක් වී ඇතැයි දෙමව්පියෝ පෙන්වා දෙනවා.

පරිත්‍යාගශිලියකු පාසල ඉදිරිපිට ඇති ඉඩමේ නව ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකරමින් පැවැති අතර පසුගිය වසරේ අරගලකරුවන් එම ස්ථානයට ද ගොස් උද්ඝෝෂණ කිරීම හේතුවෙන් එදින සිට එහි ඉදිකිරිම් කටයුතු අතරමග ඇනහිට ඇතැයි කියයි.

මෙම ගැටළුව පිළිබදව මුලටියන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගෙන් කළ විමසුමට ඒ මහතා මෙලෙස පැවසුවා.

වැසි දිනවලදි පන්ති කාමර තෙමෙන බවට මට වාර්තා වුනා. ගැටළුව පිළිබදව දකුණු පලාත් අධ්‍යාපන ලේකම්වරයා දැනුම්වත් කළ අතර නව ගොඩනැගිලි සංකීර්ණය ඉදිකරනු ලබන පරිත්‍යාගශිලින් සමග සාකච්ඡා කර විසදුමක් ලබා ගැනීමට අවශ්‍ය පියවර ක්‍රියාත්මක කර තියෙනවා. යැයි පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: