hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 ජනවාරි 20, පෙ.ව. 6:07



චතුරිව එදා දවසේ මරන්න හිතාගෙන මම තුන් තැනකට ඇයව එක්ක ගෙන ගියා. නමුත් ඒ තැන්වල කවුරු හෝ මා දිහා බලාගෙන ඉන්න බව දැණුන නිසා ඇයව එක්ක ගෙන තුරඟ තරග පිටියට ආවා යැයි කොළඹ තුරඟ තරග පිටිය පිටුපස පාපන්දු සම්මේලනය අසල පඩිපෙලක් මත සිය පෙම්වතියගේ ගෙල කපා ඝාතනය කළ කොළඹ සරසවියේ පසිඳු චතුරංග සිසුවා පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් පසු සිය පෙම්වතිය මරා දැමීමට හේතුව හැඩූ කඳුලින් කියන්නට වූවා.

“මට ලොකු බයක් තිබුණා චතුරි මාව දාල යයි කියල. චතුරි වෙන කෙනකුට අයිතිවෙයි කියල ලොකු බයකිනුයි මම හිටියේ. එයා මාස කිහිපයකට කලින් මට කිව්වා අපි දෙන්න ගැලපෙන්නේ නැහැ කියල. ඒ නිසා මම හැම තිස්සේම හිටියේ එයා මට නැති වෙයි කියල බයෙන්.” යැයිද ඔහු පවසා තිබෙනවා.

“ එයා මගෙත් එක්ක කිහිප අවස්ථාවක්ම තරහා වුණා. ඒත් අපි ආයිත් යාළු වුණා.“ යැයිද සිසුවා පොලිසිය හමුවේ කියා තිබුණා.

දෙදෙනා පෙරේදා තුරඟ තරග පිටිය වෙත යන්නේද පෙරවරු 11.30ට පමණ දේශන අවසන්ව එහි ගොස් පෙම්බස් දොඩන්නයි.

“ එයත් එක්ක කතාකරමින් ඉන්නකොට මට හිතුනා එයා මාව අතහැර යයි කියල. අපි දෙන්න ගැලපෙන්නේ නැහැ කියලත් එයා කියල තිබ්බ නිසා මට හිතුනා වෙන කෙනකුට එයාව අයිති වෙන්න දෙන්න බැහැ කියල. “සැකකාර තරුණයා විසින් සිය පෙම්වතියගේ ගෙල කපා දැමුවේ යැයි කියන්නේ මෙම සිතුවිල්ලත් සමඟින්.

සිය පෙම්වතිය තමාට අහිමි වන්නේ නම් ඇයව වෙන කිසිටවකුට අයිති වන්නට නොදෙන බවට වූ සිතුවිල්ල මෙම සැකකාර සිසුවාගේ සිතේ නිතරම රැඳී තිබූවක් බව පොලිස් විමර්ශනවලින් පෙනී ගොස් තිබෙනවා.

වෙන කිසිවකුට හිමි නොවන්න ඔහු තීරණය කරගෙන සිට ඇත්තේ ඇයව මරා දමන්නටයි.

කල්තියාම ඔහු ඊට සූදානම්ව සිට ඇති බව පොලිස් විමර්ශනවලින් පෙනී ගොස් ඇත. ඔහු සිය ගමන් මල්ලෙහි කුඩා පිහියක් තබාගෙන සිට ඇත්තේ ඒ නිසායි.

එම පිහිය ඔහු මිලදී ගෙන ඇත්තේ වැල්ලම්පිටියේ වෙළඳ සැළකින් බවද දැන් පොලීසිය හෙළිකරගෙන හමාරයි.

පෙම්වතිය මරාදැමීමේ චේතනාවෙන් ඔහු සිට ඇති බවට ඔහුගේ කටඋත්තරවලින් පෙනී යන බව ද පොලිසිය පවසයි.

සරසවි සිසුවියගේ දේහය හෝමාගම කිරිවත්තුඩුව පුබුදු උයන ප්‍රදේශයේ නිවසට පෙරේදා (18) සවස රැගෙන ආවා.

මෙසේ මිය ගොස් ඇත්තේ හෝමාගම කිරිවත්තුඩුව පුබුදු උයන අංක 376/49 හි පදිංචි චතුරි හංසිකා මල්ලිකාරච්චි නමැති 24 හැවිරිදි තරුණියක්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: