hit counter

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

2022 ජූනි 19, ප.ව. 4:24



වත්තේගම පොල්ගොල්ල මීගම්මනවත්ත ප්‍රදේශයේදී සුළු ව්‍යාපාරිකයකු ලොරි රථයක ලීසින් වාරික නිසි පරිදි නොගෙවූ බව පවසමින් ආදාළ ලීසින් සමාගමේ නියෝජතියන් බව කියන පිරිසක් එම ලොරි රථය අත්පත් කර ගෙන යාමේදී එහි හිමිකරු වන 35 හැවිරිදි තරුණයකු මිය ගොස් ඇති බව ඔහුගේ ඥාතීහු පවසයි.

මෙම වාහනය අළුයම පන ගන්වන බව ඇසී නිවසේ නිදා සිට ඇති මෙම තරුණයා මාර්ගයට පැමිණ පරීක්ෂා කිරීමේදී යම් පිරිසක තම වාහනය රැගෙන යන බව දැක ඔහු එම වාහයට ගොඩ වී තිබෙනවා.

මිටර් 300 -350 ක් පමණ දුරක් වාහනයේ ගොස් ඇති ඔහු ප්‍රධාන මාර්ගයේ වැටී මිය ගොස් සිටියදී ඥාතීන් සොයා ගනු ලැබ තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ පොගොල්ල මීගම්මනවත්ත ප්‍රදේශයේ පදිංචි ජාලිය කුමාර පරාක්‍රම නැමැති 35 හැවිරිදි අවිවාහක තරුණයෙක්.