hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 03, පෙ.ව. 11:31



මෙරට ප්‍රවීණ රංගන ශිල්පියෙකු වූ දර්ශන් ධර්මරාජ් මහතා ඊයේ අභාවප්‍රාප්ත වුණේ කවුරුත් නොසිතූ ආකාරයෙන්.

අති දක්ෂ රංගන ශිල්පියෙකු වූ දර්ශන් මෙරට සිනමාවට මෙන්ම ටෙලිනාට්‍ය කලාවටද ඉමහත් සේවයක් ඉටු කළ අයෙක්.

අවස්ථා කිහිපයකදීම සම්මානයට පත්‍ර වූ දර්ශන් මියගොස් ඇත්තේ හදවත් රෝගී තත්ත්වයක් හේතුවෙන්.

ඔහුගේ වියෝව සම්බන්ධයෙන් මේ වන විට හැමෝම කතා වෙනවා.

මේ වන විට දර්ශන්ගේ දේහය මේ වනවිට බොරැල්ල පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබෙනවා.

ඔහුට අවසන් ගෞරව දක්වන්න බොහෝ දෙනෙක් මේ වන විට එහි පැමිණෙන බවයි වාර්තා වන්නේ.

දර්ශන් ධර්මරාජ් අවසන් වරට රඟපෑ නාට්‍ය වන්නේ රැල්ල වෙරළට ආදරෙයි නාට්‍යයි.

එහිදී ඔහු බිමල් ජයකොඩි සමඟ වැඩි කාලයක් ගත කරන අයෙක් බවට පත් වුණා.

බිමල්ගේ සමීපතමයා බවට පත් වුණේ දර්ශන් ධර්මරාජ් කිව්වොත් හරි.

දර්ශන් ධර්මරාජ්ට අවසන් ගෞරව දැක්වීමට පැමිණි ප්‍රවීණ රංගන ශිල්පී බිමල් ජයකොඩි මහතා ඉතා සංවේදීව තම සහෘදයා ගැන මෙසේ අදහස් දක්වා සිටියා,

“වචන වලට පෙරලන්න බැරි තරම් සංවේදී මොහොතක්. වසර 20කට අධික කාලයක් මගෙත් එක්ක එකම ක්ෂේත්‍රයේ දුක සැප බෙදා ගත්ත ආදරණීය ගමන් සගයා අද අපෙන් වෙන් වෙලා යනවා. ඉතින් දර්ශන් ගැන කියන්න වචන මදි. අද සමාජ මාධ්‍ය දැක්කත් දර්ශන් ගැන , ක්ෂේත්‍රය තුළ , ක්ෂේත්‍රයෙන් පිටත සිටින හැමෝම වගේ ඔහු පිලිබදව තියෙන ආදරය පේනවා. දමිල ජාතික වුණාට ඔහු නියම ශ්‍රී ලාංකික පුරවැසියෙක්. ඔහුට ඔහුගේ රංගනය තුළවත් ඔහුගේ කලා භාවිතය තුළවත් ඔහු කිසිම විටක ශ්‍රි ලාංකික කියන අනන්‍යතාවය අමතක කරපු නැති හරිම අව්‍යාජ තමන්ගේ වටිනාකම හදුනා ගත්ත නැති කියන කෑල්ල මට කියන්න වෙනවා.කියන්න ඕනේ හුගක් දේවල් මම දර්ශන්ට කිව්වා. තව කියන්න බැරි වෙච්ච දෙයක් නැහැ. අපිට කතා කරන්න බැරි වෙච්ච දෙයක් තියෙනවා නම් අපි නෙක්ස්ට් ලයිෆ් එකේදී කතා කරමු. දර්ශන්ට නිවන් සුව.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: